කෙලෙසක කීවත් - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Kelesaka keewath - Chandrasena Hettiarachchi - sinhala lyrics


කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

යාදිනියක සේ මා ලඟ දැවටී
සෙනෙහස පැතු එදිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නැතේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ



ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි






වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Song

Comments