විරාග රාගය - අමරසිරි පීරිස්, අමල් පෙරේරා | Viraga ragaya - Amarasiri Peiris, Amal Perera - sinhala lyrics



විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය


ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා

කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා


විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය


නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා

ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා


විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය


ගායනය - අමරසිරි පීරිස්, අමල් පෙරේරා
සංගීතය - සුරේෂ් මාලියද්ද
ගී පද - බන්දුල නානායක්කාරවසම්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Nadeemal Perera

Comments

  1. නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
    සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්ත

    "කර ගත්තා" නෙමෙයි "කර ගත්දා" වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. නියමයි! වෙනස් කලා!

      Delete
  2. කාලෙකින් ඇහුන මිහිරි ගිතයක්. අමල් මහතාට යෝජනා කරනවා මෙවැනි හරවත් දේ වෙත් වැඩි දායකත්වයක් ලබලා දෙන්න කියලා. ඔබ දෙවියක්ගෙන් ලැබිලා තියෙන සුමිහිි හඩ ඵලදායීව යොදා ගන්න.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...