මිදි ඇඹුලයි කියලා - සෞම්‍යකුමාර යාපා බණ්ඩාර | Midi ambulai kiyala - Saumyakumara Yapa Bandara - sinhala lyrics


මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
චංචල ළඳක් උනාද ඔබ මා
ඇසුරු කලා කියලා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා

මායිම් නැති ලෝකයක් කරා
අප පියවර මැනලා
ජිවිතයේ මුල මැද අග සෙව්වා
හදින් හදක් පුබුදා

මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
චංචල ළඳක් උනාද ඔබ මා
ඇසුරු කලා කියලා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා

සලා වැටුම් දහසක් ගෙවලා
මී වද පැණි පිරුවා
රුචි රුචි කුසුමේ පෙති දිග හැරුණා
සිතුම් පැතුම් සනසා

මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා
චංචල ළඳක් උනාද ඔබ මා
ඇසුරු කලා කියලා
මිදි ඇඹුලයි කියලා
කියූ කතාවේ මා තනිවුණා එදා


ගායනය - සෞම්‍යකුමාර යාපා බණ්ඩාර
සංගීතය - දයාරත්න රණතුංග
ගී පද - ඔගස්ටස් විනයාගරත්නම්





වීඩියෝව ගත්තෙ මෙතනින් - Api Machan

Comments