කොයි තරම් - කීර්ති පැස්කුවෙල් | Koi Tharam - Keerthi Pasquel - sinhala lyrics


කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

මා ජීවත් වුණේ
ඔබේ සෙනෙහේ නිසා
එපා දුරින් රැ‍ඳෙන්න කිසිදා
පාළුවක් මට නොදෙන්න
ආදරෙන් මගෙ ළඟ ඉන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා

හොරෙන් සංසාරයේ
මගේ දිවියේ පුරා
සදා පුරා සඳක් ලෙස පායා
මා ළඟින් ඔබ හිනැහෙන්න
දෑස මෙන් මා රැකගන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා


ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගීතය - දුලාජ් ධනුෂ්ක
ගී පද - සජිත් වී. චතුරංග





වීඩියෝව ගත්තෙ මෙතනින් - eTunes

Comments