පෙම් රස වෑහෙන - වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා | Pem Rasa Wahena - Victor Rathnayake, Indrani Perera - sinhala lyrics



පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ...

පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ..
පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා...

පෙම් රස වෑහෙන...

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා...සදාතනික වේවා...//
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා..

පෙම් රස වෑහෙන...

ගායනය : වික්ටර් රත්නායක සමඟින් ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සරත් දසනායක
සංගීතය : සෝමපාල ලීලානන්නද

"සඳහටම ඔබ මගේ“ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Prasanna Perera

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...