උදා ගිරේ ඉරේ - වික්ටර් රත්නායක | Uda gire ire - Victor Rathnayaka - sinhala lyrics


උදා ගිරේ ඉරේ
නිශා සමේ සඳේ
භවෙන් භවේ සොයා එමී
ඔබේ නුවන් ජලේ

තෙපුලේ විලාසිතාවේ
දෙතොලේ සිනා ලතාවේ
සිතුවම් මැකී නොයේවා
මහදේ රැඳී සදා

උදා ගිරේ ඉරේ...

සසරේ අනන්ත කාලේ
ඔබගේ නුවන් තටාකේ
හද වේදනා නිවේවා
ගමනේ විඩා නිවා

උදා ගිරේ ඉරේ
නිශා සමේ සඳේ
භවෙන් භවේ සොයා එමී
ඔබේ නුවන් ජලේ


ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන


මේ ගීතය සොයාගැනීමට උදව් කල කැලුම් ශ්‍රීමාල් මහතාටත් හෝපලු වනපෙත KDK Lyrics පිටුවටත් අපගේ ස්තූතිය




වීඩියෝව ගත්තෙ මෙතනින් - හෝපලු වනපෙත KDK Lyrics

Comments