සාගරය පරදා උතුරා - ඉන්ද්‍රානි පෙරේරා | Saagaraya parada uthura - Indrani Perera - sinhala lyrics


සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

සිනමා හලේ දී උයනේ මගේ දී
ප්‍රේම නගරයේ
අපෙ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදි වී
ආව නිහඬ වී
අද මා යෙහෙළී
ඔබගේ මිහිරී

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

පෙර මාගෙ දෑතේ රැඳී දෑත ඇයගේ
දෑතේ පෑහිලා
මල හා ජලාසේ විලසේ බැඳේවා
වේවි වාසනා
දෙදෙනා සැරදේ
ජය වේ ජය වේ

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා


ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
සංගීතය - සරත් දසනායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Premakeerthi Gee

Comments