ඔබ දෙපා දොවා බැතියෙන් - චන්ද්‍රලේඛා පෙරේරා | Oba depa dowa bathiyen - Chandralekha Perera - sinhala lyrics


ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල් //

පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා //
මා දෑස දුක දුරු වේ
ඔබගේ නමින් යදිනා

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල්

ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා //
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල්


ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments