ජේසු ස්වාමි දරුවනේ - නන්දා මාලනී ‍| Jesu swami daruwane - Nanda Malini - sinhala lyrics


ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ
දුගී පැලේ දිනා
මෙ ලෝ තලේ දිනූ
ඔබේ දහම් තියේද දැන්
දිව නෙතින් බලන්
ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ
ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්
ගොල්ගොතාව කුරුසකන්ද රතු ලෙයින් තෙමා

ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ

රන් රිදී මැණික් නොවේය ඔබැ සමීපයේ
දළ පිළී විණා දුහුල් නොවී ශරීරයේ
මන්ද මේ විලාසිතා දේව මන්දිරේ
යලි ගලීලයෙන් නැගී මෙ ලෝ තලේ බලන්

ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ
දුගී පැලේ දිනා
මෙ ලෝ තලේ දිනූ
ඔබේ දහම් තියේද දැන්
දිව නෙතින් බලන්
ජේසු ස්වාමි දරුවනේ
ජේසු ස්වාමි දරුවනේ


ගායනය - නන්දා මාලනී
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - සුනිල් ආරියරත්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - sn914430

Comments

  1. 1980 මුල් භාගයේ ගුවන් විදුළියේ ජයලත් පෙරේරා නම් ගායකයෙක් 'පෙම්කල ළඳක් හැරදා අන් ළඳක් සොයා යන්නැයි කියන්නෙපා අම්මේ...ඇතුළු ගීත කීපයක් ගැයුවා. ඒ ගීත නැවත ඇසිය හැක්කේ කෙසේද?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...