පැහැසර අරුණක - අසංක ප්‍රියමන්ත පීරිස් | Pahasara Arunaka - Asanka Priyamantha Peiris


පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

සිත සිරකොට බැදි දඬු වැට බිදුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ //

පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

ලියවැල් ඇහැරී යලි මල් පිපුණාවේ
දෑලම යා කල ඉඳු සැව් ඇදුණාවේ //

පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස්
තනුව - සමන්ත පෙරේරා
පද රචනය - නිලාර් එන්. කාසිම්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Samith Perera

Comments