මේ උයන් කොනේ - චන්ද්‍රලේඛා පෙරේරා | Me uyan kone - Chandralekha Perera - sinhala lyrics


මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ

සිනා රොදක් නැතේ කඳුල මා වටා එතේ
වලාපෙලින් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි අතක දුර නැතී

මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ

දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇතී
පියා සලන්නෙමි දිනෙක ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමි

මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ


ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - සමන් කුඹුකගේ
ගී පද - ප්‍රියානන්ද විජේසුන්දර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi

Comments