මගේ නේ - සූර්යා දයාරුවන් | Mage Ne - Soorya Dayaruwan - sinhala lyrics


ඕ...මේ රූ කාගේ දෝ..
සුරඟන දෑසක් දෝ..
හීනෙන් ආවාදෝ..
හැබැහින්ම දෝ
හුස්මට සමවීදෝ - දෙතොලේ පිරුනාදෝ..
මාගේ හදගැස්ම - ඔබ මාගේම දෝ..

ඕ..හිනැහෙන්න - ලංවෙන්න
අත් අල්ලගෙන ඉන්න - ආදරේ..මගේ නේ..//

ජීවිතේ පාරකී..තාරුකා ඇස් දෙකේ..
වැයෙනා ආදරේ...මගේ නේ..

සිහිනිඟ නැලවෙද්දි..
සීතල මල් වැස්සෙ..
සිතුවිලි රැලි සයුරෙ.. සසැලෙන්න..
සියුමැලි කන්පෙත්තෙ..
සතපා තොල්පෙත්ත..
සියොලඟ හැම රෑම..
කවි අතුරමි..

ඕ..හිනැහෙන්න - ලංවෙන්න
අත් අල්ලගෙන ඉන්න - ආදරේ...මගේ නේ..//

ඔය..නුඹේ සිනා කැන් කාගේ දෝ..
පෙම් හැඟුම් දැන් කාට දෝ..
මේ වසන්තේ කාගේ දෝ...මගේ නේ..
ඔය..නුඹේ සිනා කැන් කාගේ දෝ..
පෙම් හැඟුම් දැන් කාට දෝ..
මේ වසන්තේ කාගේ දෝ...මගේ නේ..

ගායනය : සූර්යා දයාරුවන්
පද රචනය : කසුන් මහේන්ද්‍ර හීනැටිගල
සංගීත සංයෝජනය : මංජුල බන්ඩාර


වීඩියෝව ගත්තෙ මෙතනින් - Guerilla Filmmakers

තනුවේ හින්දි කොපිය පහලින්....


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...