නෙතේ කඳුළු පිස දමන්න - සුනිල් එදිරිසිංහ ‍| Nethe kandulu pisa damanna - Sunil Edirisinghe - sinhala lyrics


නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කට හඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් //

නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කට හඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් //

නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කට හඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී




වීඩියෝව ගත්තෙ මෙතනින් - SunilEdirisingheMP3


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...