හිම වැස්ස - කුෂාණි සඳරේඛා | Hima wessa - Kushani Sandarekha - sinhala lyrics


සරදාකාස උයනට
හිම වැස්ස වැටෙන හැන්දෑවක
ලෙල සියසේ ඔබේ දෑසට එබී

නටන්න ෆ්ලෙමින්ගෝ නැටුමක්
මා මත් වන තුරා
වයන්න ගිටාරය ඔබේ
උමතුවෙන්
ඇඟිලි තුඩු පුපුරු ගසන තුරා

වසත් මද අවුස්සා මිටින් යන ලිස්සා
මුදු මද සුළඟ සේ
දිව දුහුල් සළුව විසුරුවා
ඔලිව් ගස් පාමුල තැනි බිමේ

නටන්න ෆ්ලෙමින්ගෝ නැටුමක්
මා මත් වන තුරා
වයන්න ගිටාරය ඔබේ
උමතුවෙන්
ඇඟිලි තුඩු පුපුරු ගසන තුරා //


ගායනය - කුෂාණි සඳරේඛා
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය


මේ ගීතයේ ඇතැම් වචන නිෂ්චය කරගන්න ඔබේ සහය දෙන්න



වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments

  1. මිහිරි සංගීතයක්....

    ReplyDelete
  2. ෆ්ලැමෙන්කෝ නැටුමක්
    https://www.youtube.com/watch?v=XNhfV_53W7A

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...