හීන වලට පණක් - සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ | Heena walata panak - Senaka Batagoda, Serena Venus - sinhala lyrics


හැමදේම ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා
මග බලා සිටිය දේවල්
මතු වෙලා ළඟට එන්නට
හීන වලට පණක් තියෙනවා

ගෙවිලා ගිය දේවල්
ඉදිරියෙ වෙන දේවල්
වෙනසක් නැහැ සිදු වේ
ආගිය මග යා යුතු තැන
දන්නෙ තමා ම යි
නිදහසේ නිමක් නැතිව
සිතුවිලි ගඟ ගලා යද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා

සුල මුල හෑම දේම
හිත් වල තෙරපුණාම
යා යුතු ගමනෙ දුර දුරයි
කරනා දේවල් හරියට වේ නම්
වසන්තය එයයි

හැමදේම ටිකෙන් ටිකට
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා
මග බලා සිටිය දේවල්
මතු වෙලා ළඟට එන්නට
හීන වලට පණක් තියෙනවා

හීන වලට පණක් තියෙනවා //

ගායනය - සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ
සංගීතය, ගී පද - සේනක බටගොඩ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Senaka Batagoda


Comments

  1. සුල මුල හෑම දේම
    හිත් වල තෙරපුණාම
    යා යුතු ගමනෙ දුර දුරයි
    කරනා දේවල් හරියට වේ නම්
    වසන්තය එයයි

    ReplyDelete
  2. සේනක මම බොහොම අසාවෙන් රසවිඳින ගායකයෙක්

    මේ මට ඔහු ගැන හොයා ගන්න පුළුවන් වුණු දේවල් සහ ගීත එකතුවක්

    ඔබගේ පොස්ට් තියන වීඩියෝ එක වැඩ කරන්නේ නැහැ, වෙලාවක් ලැබුනහම හදන්න.

    ReplyDelete
    Replies
    1. සේනක මහත්මයාගෙ සින්දු තියෙන වීඩියෝ බොහොමයක් අයින් කරල වගේ. ඔෆීෂියල් චැනල් එකක මේ ගීතය තිබුණා. ඔබේ අදහස්වලටත් බොහොම ස්තූතියි.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...