සල් සපු නා - එච්. ආර්. ජෝතිපාල | Sal Sapu Na - H.R.Jothipala - sinhala lyrics


සල් සපු නා - නිල් මහනෙල්..
කුමුදු සමන් - මල් අතරේ..//
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..

පළිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා..
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා..
වැලිතලේ - සැඟවිලා - රුවන් හැදෙනවා..
එය හැඟී නෙත මගේ කඳුළු සලනවා..

සල් සපු නා - නිල් මහනෙල්..

වීණාවෙන් බිළිඳු තතින් මිහිරි ස්වර වැයේ..
සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ළයේ..
කළු වළා - වල පවා - රිදී ඉරි තියේ..
කිමද මේ නියදහම් අමතක ව ගියේ..

සල් සපු නා - නිල් මහනෙල්..

ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : සරත් දසනායක

“සංගීතා“ (1975) චිත්‍රපටයෙනි


වීඩියෝව ගත්තෙ මෙතනින් - menakasanjee

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...