හිම කඳු අතරින් - ඩබ්.ඩී. අමරදේව | Hima kandu atharin - WD Amaradewa - sinhala lyrics


හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ //
මුව සඟවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

එරන්දතී සුකුමාල ළඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ //
දෑත නඟා නිල් වරල උනා යළි
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - සරත් අමුණුගම





වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Song

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...