බැබලීම වගෙම - කරුණාරත්න දිවුල්ගනේ | Babaleema wagema - Karunarathna Divulgane - sinhala lyrics


බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

‍රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත
වෙන දන්න කෙනෙකු
ලොව මට හමුවෙලා නැතී

බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකි වෙද
නුඹ දුන්නේ නැතත්
නුඹේ හිත මගෙ ළඟම ඇතී

බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද - යමුනා මාලනී පෙරේරා





වීඩියෝව ගත්තෙ මෙතනින් - Nish Fernando

Comments