ආශාවරී - කල්පන නයනමධු | Ashawari - Kalpana Nayanamadu - sinhala lyrics


ආදර අඹරෝරෙදී ඔබ මා මඟ හැරගියදා..
කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලිහී ගියා..
මේ සඳකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා..
විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා..

අශාවරී ඔබේ නම පවා - මියුරුයි කියා සිතුවත් මෙදා..
අශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා - සිතන්න වත් මට බෑ මෙදා..

ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ..
උණුසුම විද විද සුවසේ පෙරලී අද මා තුරුලේ..
හිනැහුනු - තරමට ඔබ අගෙයි..
වත මා ලඟ මුත් හිත ඈතක රැදුනේ..

අශාවරී ඔබේ නම පවා - මියුරුයි කියා සිතුවත් මෙදා..
අශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා - සිතන්න වත් මට බෑ මෙදා..

අවරට යන හිරු සඳ වාගෙම දෝ මා දුටුවේ..
වෙරලට එන රළ ආපසු යන බව නෑ දුටුවේ..
පහසම - පමණද පැතුවේ..
මා අත අත්හැර අතින් අතට යනෙනා ලදුනේ..

අශාවරී ඔබේ නම පවා - මියුරුයි කියා සිතුවත් මෙදා..
අශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා - සිතන්න වත් මට බෑ මෙදා..

ගායනය : කල්ප නයනමඩු
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
සංගීතය : ඉරාජ් වීරරත්න, පසන් ලියනගේ



වීඩියෝව ගත්තෙ මෙතනින් - IRAJ


Comments