දඟකාර හසපාන - චන්දන ලියනාරච්චි | Dangakara hasapana - Chandala Liyanarachchi - sinhala lyrics

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ

පෙම්වන්තයින් සේ හමුවන්න නිසි සේ
සිතකින් බැඳී ඉන්නෙමී
හද අරණේ දොර ඇරී ඔබට ඉඩ ඇති
මල්සර අතරේ බැල්මක රැඳිලා
ආරාධනා ඔබටමයි

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ

මධු මල් පිපේවී විහඟුන් ගයාවී
පිපී මල් පරමල් නොවේවී
කවියක් සේ දැවටිලා ඔබ වෙත එන්නම්
සුවඳක දැවටී සුළඟේ පාවී
හද සනසනු හංස ලතාවී

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ


ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය, ගී පද - නිහාල් ගම්හේවා




වීඩියෝව ගත්තෙ මෙතනින් - damitah1

මගේ ගිටාරේ අරගෙන වැයූ - ඉන්දික රුවන් (රූනි) | Mage Gitare Aragena Wayu - Roony (Indika Ruwan) - sinhala lyrics



මගේ ගිටාරේ අරගෙන වැයූ - එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක - ඇවිදින් අද මගෙ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්ෆොනි ඔපෙරා අතර ඇයත් සිටියා..

අන්තොනෙල්ලා මම දකින්නේ ආදර හීනයක්..
නියන්ඩතා මිටියාවතේ ඉස්සර මා පැතූ..
ඒ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ..
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්ෆොනි ඔපෙරා අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන...

අන්තොනෙල්ලා මම දකින්නේ කවද්ද ආයෙමත්..
ඔබෙ තුරුල්ලේ නිදන්න ගයන්න වයන්න ආදරෙන්..
මේ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ..
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්ෆොනි ඔපෙරා අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන...

ගායනය : ඉන්දික රුවන් (රූනි)
පද රචනය : චරිත දිසානායක
සංගීතය : දර්ශන රුවන් දිසානායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - ananmananlk

සිතුම් පැතුම් සඳ ආදරේ - ජෝතිපාල, ඇන්ජලින් | Sithum pathum sanda adare - Jothipala, Anjalin - sinhala lyrics

සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ //
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිලෙනවා
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිලෙනවා

තනි වුණු කතරක මා ඉන්නේ
කෙළෙසද පිය මැන පිටවන්නේ
තනි වුණු කතරක මා ඉන්නේ
ඔබ සමගිනි මා පිටවන්නේ

සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ
හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ

සැතපෙන කල දුටු නිදි යහනේ
එළි වෙයි දෝ මේ දුටු සිහිනේ
සැතපෙන කල දුටු නිදි යහනේ
එළිවෙනවා රෑ දුටු සිහිනේ

සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

මහදේ සොඳුරු අහසේ අනාගතේ ///


ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

අබිරහස ( 1971) චිත්‍රපටියෙන්වී




ඩියෝව ගත්තෙ මෙතනින් - Premakeerthi Gee

හම්බන්තොට මහින්ද පොළොන්නරුවෙ සිරිසේන - FTT ‍| Hambanthota mahinda Polonnaruwe Sirisena - sinhala lyrics

හම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
හොරගොල්ලෙ චන්ද්‍රිකා
කළුතර රාජිත රෝහිත වෙල්ගම
බෙන්තොට ගීතක්කා //

නුවර තොන්ඩමන් මොරටුවෙ ජීවන්
නුවර තොන්ඩමන් මොරටුවෙ ජීවන්
ඩග්ලස් යාපනේ ඩග්ලස් යාපනේ
බුද්ධික පතිරණ සාගල මංගල මාතර
රනිල් කොළඹ බං
ජෝන් පවිත්‍රා රන්තපුරේ
දුමින්ද අනුරාධපුරේ

හම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
හොරගොල්ලෙ චන්ද්‍රිකා
කළුතර රාජිත රෝහිත වෙල්ගම
බෙන්තොට ගීතක්කා

හම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
හොරකෙරුවෙ චන්ද්‍රිකා
කළුතර රාජිත රෝහිත වෙල්ගම
බෙන්තොට හරි අක්කා

කොළොන්නාවෙදී හිරුණිකා හිදී
කොළොන්නාවෙදී ඩිෆෙන්ඩර් හිරුණිකා හිඳි
රෝසී කොයිබදෝ රෝසී කොයිබදෝ
පාඨලි හර්ෂ වීරවංශ
ගම්මන්පිල කොළඹ බං
වාසුදේව රත්නපුරේ
එස් එම් අනුරාධපුරේ

හම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
විල්පත්තුවෙ බදුර්දීන්
....
....


ගායනය, සංගීතය, ගී පද - FTT




වීඩියෝව ගත්තෙ මෙතනින් - FTT
Related Posts Plugin for WordPress, Blogger...