සිහින සතක් දුටුවෙමි මම - වික්ටර් රත්නායක | Sihina Sathak Dutuwemi - Victor Rathnayake - sinhala lyrics


සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...
සිඟන්නියක සේ...//

ඔබ මගේ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්..
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා..

කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත..
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි..

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්..
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ..
පිහිට වනු මැනේ..

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Siththampawura ~~ සිත්තම් පවුර


සඳුන් ගසක එති සමන් ලතාවක - ජේ. ඒ. මිල්ටන් පෙරේරා | Sandun Gasaka Ethi Saman Lathawaka - Milton Perera - sinhala lyrics


සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා..
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා..
මගේ හද, තවමත් බැබලෙනවා..
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා..
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා..
ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා....

සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
නියම දහම විලසේ..
මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට
නොලැබෙයි මා සිතු සේ..
මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ
කියා එදා කීවා..
හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා..
අනේ සුදු ඔබ මා රැවටෙව්වා..


සඳුන් ගසක එති සමන් ලතාවක...

ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ..
මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
අටුවා මොටද ප‍්‍රියේ..
නොලැබෙන දෙයකට හඬා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්..
සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන
මම හැම දා ඉන්නම්..
මෙසේ මා ගී ගයමින් ඉන්නම්..

සඳුන් ගසක එති සමන් ලතාවක...

ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය : ලලිත් එස් මෛත්‍රීපාල
සංගීතය : මොහොමඩ් සාලි



වීඩියෝව ගත්තෙ මෙතනින් - Dedunu Tennakoon


නිම් හිම් සෙව්වා - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව | Nim Him Sewwa - W.D.Amaradewa - sinhala lyrics


නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
අතරින් පතරේ වියැකීලා
ඔබ මා නෙතගේ රැඳුනා

නිම් හිම් සෙව්වා ...

ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
ජන්මෙන් ජන්මේ රැවුදීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා ...

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මෙන්ඩිස්

මැණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ "සීතාදේවී (1970)" චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903

සතුට මාගේ රැගෙන ඔබ දැන් - බාචි සුසාන් | Sathuta Mage Ragena Oba - Bachi Susan - sinhala lyrics


සතුට මාගේ රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ..
නිතර තිබුනේ සැකය ඔබගේ
මා නොවේ බොරු කලේ..
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ
හැර ගියේ ඔබනේ..

වචනයෙන් ඔබේ කළ ආදරේ
හැබැහින්මයි සිතා..
අපෙ ආදරේ වෙනුවෙන් මගේ
හැම දේ කැප කලා..
ළං වුනේ - හිත මගේ
රිදවා රවටා යන්නදෝ..

සතුට මාගේ...

වෙනසක් නොවේ මතුදා ඔබේ
මතකයේ නැවතිලා..
තනියෙන් මගේ දෙනුවන් ඉබේ
පියවී යයි සදා..
ඒ දිනේ - ළඟ මගේ
මොහොතක් ඇවිදින් යනවාදෝ..

සතුට මාගේ...

ගායනය : බාචි සුසාන්
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


 වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music 

ආදරේට කියන කතා - ක්ලැරන්ස් විජේවර්ධන | Adareta Kiyana Katha - Clarence Wijewardhana - sinhala lyrics


ආදරේට කියන කතා බොලඳ වුනාට..
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... //

තටු සිඳිලා.. වැලපෙනවා..
සිත බැඳිලා.. හිනැහෙනවා..
මල් ඇතුරූ.. සුව යහනේ..
මල් අතුරා පවන් සැලු..
ආදරවන්තයින් පෙලූ..
බොලඳ කතා...

ආදරේට කියන කතා... //

මල් ගොමුවේ.. තුරු සෙවනේ..
හමුවෙනවා.. වෙන්වෙනවා..
උයන් කොනේ.. අවන් හලේ..
උයන් කොනේ හමුවෙනවා..
අවන්හලේ වෙන්වෙනවා..
බොලඳ කතා..

ආදරේට කියන කතා... //

ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Songs

මං පතනවා මේ මට වඩා - අශෘන් ප්‍රනාන්දු | Man Pathanawa Me Mata Wada - Ashan Fernando - sinhala lyrics



සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි..
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි..
ඔබ හොඳින් ඉන්න ඕනේ ඒ තමයි සතුට මාගේ..
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා...

මං පතනවා...මේ මට වඩා..
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...//

දවසක් හරි මට ආදරේ කලා
මේ ලෝකෙ කාටත් වඩා..
නොලැබීම මගේ ඔබ මග හැරී ගියේ
කලකිරුණා මට මා කෙරේ..
ඔබ හොදින් ඉන්න ඕනේ
ඒ තමයි සතුට මාගේ..
මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
මුණ ගැහේවා කියා...

මං පතනවා...මේ මට වඩා..
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...//

මගකදී හරී මේ අප හමු වුනොත්
මගහැරලා යන්නට එපා..
ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කලේ
කලකිරුණා මට මා කෙරේ..
ඔබ හොදින් ඉන්න ඕනේ
ඒ තමයි සතුට මාගේ..
මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
මුණ ගැහේවා කියා...

සමු අරන් යා යුතුයි...

ගායනය : අශාන් ප්‍රනාන්දු
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු



වීඩියෝව ගත්තෙ මෙතනින් - Chamu Sri

මගෙ අමල්බිසෝ - සුනිල් එදිරිසිංහ | Mage Amalbiso - Sunil Edirisinghe - sinhala lyrics


මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්..
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්..//

යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්..
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලයි
උඹ නොදැක්කා සේ ඉඳපන්..

මගෙ අමල්බිසෝ...
ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්
ගෙට එබී බලයි හොරැහින්..
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්..

මගෙ අමල්බිසෝ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

යෙහෙලියක සේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Yeheliyaka Se - Chandrasena Hettiarachchi - sinhala lyrics

යෙහෙලියක සේ...
සොයුරියක සේ...
ඔබ කියන අයුරින්...
මා කෙසේ ඔබ දෙස බලන්නද...
පෙම් කදුලු දෑසින්...

ඈදින ගත්තේ අප උනුන්
පෙම්වතුන් වීමෙන්...
අප උපන්නේ ඒ දීනේ...
ප්‍රේමයේ නාමෙන්...
ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...

යෙහෙලියක සේ...

ඔබම ඔබේ සිත රවටමින්...
අහක බැලූ දවසේ...
ඔබ ඉවත හල මා අදත්...
හඬමි පෙම් පියසේ...
ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...


යෙහෙලියක සේ...


ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද රචනය : අජන්තා රණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - samsri1981


තනිවෙන්න ඉඩදෙන්න - අජිත් ආරියරත්න | Thaniwenna Idadenna - Ajith Ariyarathne - sinhala lyrics

තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි..
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි..//

යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැඟවිනි මතකය අද රහසේ..
පෙම්කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙම් කල දවසේ..

තනිවෙන්න ඉඩදෙන්න..

නැගුනු අතීතේ නටබුන් අතරේ
මා තනිවූදා දිවිකතරේ..
වසන්තයේ තුංමන්සල අභියස
ඔබ ඇත ඔහූ සුළැඟිලි අතරේ..

තනිවෙන්න ඉඩදෙන්න..

ගායනය : අජිත් ආරියරත්න


වීඩියෝව ගත්තෙ මෙතනින් - lal san

වරඟන පෙර හරිනා දේවිය - සෝමතිලක ජයමහ | Waragana Peraharina - Somathilaka Jayamaha - sinhala lyrics

වරඟන පෙර හරිනා දේවිය..
දෙව්දහ වෙත වඩිනා..
ගිමන නිවන සිතිනා..
බැඳුනයි මේ සල් තුරු සෙවනා..

රන් පැහැ නුබ ගැබිනා..
එකවර සාදු නාද නැඟුනා..
බෝසත් පුත් රුවනා..
වැඩියැයි මිහිකත සසල වුනා...

මා හිස සරසමිණා පිපුනා..
සත් පියුමන් පිපුනා..
සසර ගමන් නොයනා..
සිරිපද පියුමන් මත තැබුනා...

උදාන පද ඇසුනා..ඇසුනා
මහ සිහ නඳ ඇසුනා..
මේ පින්බර දසුනා..
දුටුව මම - ලුම්බිණි සල් උයනා...

මම වෙමි ලුම්බිණි සල් උයනා...
මම වෙමි ලුම්බිණි සල් උයනා..//

ගායනය : සෝමතිලක ජයමහ
ගී පද : ගුණසේන විජය ගුණරත්න
සංගීතය : කලණි පෙරේරා

ගී පද ඇමුණුම - සින්දු ඇනෝ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Rasika Abeysundara

ඇති මාව රැවටුවා - ශිහාන් මිහිරංග | Athi Mawa Rawatuwa - Shihan Mihiranga - sinhala lyrics


ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා..
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා..
මගේ ආදරේ මදිවෙලා..
යන්නට ගියත් වෙන්වෙලා..
නොලැබුනු ඔබේ සෙවනේ..
තනිකම හොඳයි මට සදා..

මාගේ අතේ වරද කියා..
දහස් වරක් පසුතැවුනා..
ඔයා අරන් යන්න හිතන්
කුලී මාලිගා සෙව්වා..
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති..

ඇති මාව රැවටුවා...

නොමැරි මැරෙන තත්පරයක්
කල්පයක් වගෙ දැනුනා..
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා..
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති..

ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු



වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music

සොදුරිය - අමරසිරි පීරිස් | Soduriya - Amarasiri Peiris - sinhala lyrics



සොඳුරිය කාලය කොතරම් නපුරුද..
දිවි හිමියෙන් කඳුළැලි පුරවා ගෙන..
රැකගත් ආලය උදුරා ගෙන ගිය..
කාලය කොතරම් නපුරුද සොඳුරිය..

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළැවුනු යුගයක..
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය..

සොඳුරිය..

ලොවට හොරා විළිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක..
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය..

සොඳුරිය..

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සමන්ත හේරත්
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura

නෑ තවත් හිතක් - ආත්මා ලියනගේ | Ne Thawath Hithak - Athma Liyanage - sinhala lyrics


නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
මේ තරම් දුරින් ඔබම ඇයි ආවේ..
යා කරන් සිතින් දුකම දැන් මාගේ..
නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ..
හිත ඇහුවේ - ඔබ ගැනමයි..
තාමත් මං විදවයි..
පැතුවේම ඔබෙ සතුටයි..

මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හද ඔබේ අඳුරේ ගිලුනයි..
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ..

මේ හිත ඔබ පතා වින්දේ දුකමයි..
නෑ තව වෙනකෙනෙක් උන්නේ ඔබමයි..
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ..

නෑ තවත් හිතක්...

ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : සත්සර කසුන් පතිරන
සංගීතය : සංඛ දිනෙත්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music 


චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ - සුනිල් එදිරිසිංහ | Chandra Mandale Sathapuna - Sunil Edirisinghe - sinhala lyrics

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ..
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ..
පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ..
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ..

ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ..
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ..
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ..
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ..

චන්ද්‍ර මණ්ඩලේ...

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ..
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ..
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ..
පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ..

චන්ද්‍ර මණ්ඩලේ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය ‍: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara


ආදරේ සංවේදනා - ජූඩ් රෝගන්ස් | Adare Sanwedana - Jude Rogans - sinhala lyrics



ආදරේ සංවේදනා - මා ලයේ තැන්පත් වෙලා..
වෙන්වුනේ ඔබ ඇයි කියා - හේතුව සොයනවා..
කෝ ඔබේ අංකේ පවා - දැන් වෙනස් වී ඇති නිසා..
මං එවූ පණිවුඩ පවා - දන්නේ නෑ ඔයා..
ඔය හිතේ නැතිවදෝ - පෙරවගේ ආදරේ..
නැතිනම් මොකද්දෝ කාරණේ...

ඉක්මන් තීරණයක් ගත්තේ..
තේරුම්යයි කලකට පස්සේ..
ඉස්සර පණිවිඩ දුරකථනේ..
තාම බලනවා හැමතිස්සේ..//

කල්පනාවන් හිත පිරීලා
පරණ දේවල් මතක් වෙන්නේ..
පුංචි දේටත් රණ්ඩු වීලා
ආයේ මා හා හිනැහුනා..

ගෙවා ගන්න බෑ දැන් කාලේ..
නිමාවෙන්නේ නෑ දුක මාගේ..
තාම ආදරේනම් දැනෙනවා...
ඔබෙන් තොර ලොවේ මං තැවෙනවා..

ඉක්මන් තීරණයක් ගත්තේ..
තේරුම්යයි කලකට පස්සේ..
ඉස්සර පණිවිඩ දුරකථනේ..
තාම බලනවා හැමතිස්සේ..//

දුන්නු සෙනෙහෙ අඩුද මාගේ
නොසිතු මොහොතේ වෙනස් වූයේ..
තනිවුනත් මා රැවටුනත් මා
පැරදුනේ නෑ වැරදුනා..

හදාගන්න ඉදිරිය මාගේ..
අරන් යන්න දැන් ඔය මතකේ
එන්නෙ නෑ කියාලා තේරුනා..හෝ...
ඔබේ සතුට සැමදා පතනවා..

ආදරේ සංවේදනා..

ගායනය : ජූඩ් රෝගන්ස්
පද රචනය : ලසිත ජයනෙත්ති
සංගීතය : දිල්ශාන් එල්. සිල්වා



වීඩියෝව ගත්තෙ මෙතනින් - Derana eTunes


වහින්නට හැකිනම් - නන්දා මාලනී | Wahinnata Haki Nam - Nanda Malini - sinhala lyrics



වහින්නට හැකි නම් ගිගුම් දී..
වියලි ගම් බිම් වලට ඉහළින්..
ඉදෙන්නට හැකිනම් බතක් වී..
බතක් නොයිදෙන පැළක රහසින්..

රැදෙන්නට හැකිනම් ළමා කැළ..
හඬන දෙතොළඟ සිනාවක් වී..
පිපෙන්නට හැකිනම් තුරින් තුර..
නෙළා ගත හැකි වන මලක් වී..

වහින්නට හැකිනම්...

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සබෑවන සුභ සිහිනයක් වී..
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී..

වහින්නට හැකිනම්...

ගායනය : විශාරද නන්දා මාලනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර


වීඩියෝව ගත්තෙ මෙතනින් - Chamali Maddumagamage


Related Posts Plugin for WordPress, Blogger...