ආශාවේ ආශාවේ පායා - එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද | Ashawe ashawe paya - HR Jothipala, Greshan Ananda - sinhala lyrics


ආශාවේ ආශාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ සිත
මී පැණි දේ මට තව ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

මා ඔබ හා අද යාළු වෙලා
ඒ සතුටේ සිත මෝදු වෙලා
මා සනසාලා මා සතපාලා
වෑහීලා හද ආරාධනා...
සීගිරියේ බිතු රූ විලසේ
මා මිතුරේ අපි යාළු වෙලා
ජීවිතයේදී මේ භවයේදී
පෑහීලා අපි ප්‍රේමේ රසේ...

සඳ පාන ලෙසට මේ
හිරු තාප මිහි තලේ
ඇති දාට හිතට ආදර සරණා
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ජීවිතයේ රස හා බැඳුණේ
ආදරයේ මුව ගෑ කොතැනේ
සාගරයේදී යා වෙමු පෑහී
ආසාවේ අපි ආදරයේ
ලෝකය මේ සැදුණේ තැනුනේ
ප්‍රේම දයා සෙනෙහේ මතිනේ
යාළුවනේ මේ මා හද යා වූ
ආසාවේ මන ආදරයේ

බැඳි දාට පෙම් ලොවේ
කුළ බේද ලෝකයේ
සිදු වූවෙ කොහෙද
නෑ කිසි සරණා
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ රැය
මී පැණි දේ මට තව ළං වෙලා
මේ යාමේ...
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ . . .

ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ...

ගායනය - එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - හේමසිරි හල්පිට

‘ඔබටයි පි‍්‍රයේ ආදරේ‘ චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Priyantha De Silva

බොරුවක් කළා කියා - ලහිරු චමිත් ජයකොඩි ‍| Boruwak kala kiya - Lahiru Chamith Jayakodi - sinhala lyrics

බොරුවක් කළා කියා අමනාප නෑ සදා
හැරදාල දුර ගියා සිව් වසක පෙම අතැර දා
ඔබ මාව තනි කර දමා

දුරක ඇදිලා ගියා සිත රවටලා
මතක නැතිදෝ ඔයාට මා මැව් සිනා //
පෙරදාක ඔබෙ වෙන්නට පතලා
හැමදාම දුක් ගින්දර වින්දා
මතු දාක ඔබෙ වෙන්නට පතලා...
යනව හැරදා
යනව හැරදා

කඳුළු පිරිලා දෑස තුල සිත ගොළු වෙලා
එදා ඔබ දුන්නු පැතුමන් එයි ලියලලා //
පෙර දිනක සිටියා ඔබ හා මා
අද තනිව ඉන්නේ කෙලෙසින් මා
ගිය තැනක සතුටින් ඉන්න කියා...
යනව හැරදා
යනව හැරදා

බොරුවක් කළා කියා අමනාප නෑ සදා
හැරදාල දුර ගියා සිව් වසක පෙම අතැර දා
ඔබ මාව තනි කර දමා


ගායනය, තනුව, ගී පද - ලහිරු චමිත් ජයකොඩි
සංගීතය - දිලාන් ප්‍රියංකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Lahiru C Jayakodi

හින්දා - සංජීව සෙනෙවිරත්න | Hinda - Sanjeewa Senevirathne - sinhala lyrics

දුකට සැපට හැදුණු
ඔයාගෙයි මගෙයි
ආදරේ
ලෝකයාට පෙණෙන හින්දා
අයි ලව් යූ

ඔයා මාව බඳින්නෙ
තරු හැටේ හෝටලේ හින්දා //
අයි ලව් යූ

මගෙ පෝස්ට් එක
මැනේජිං ඩිරෙක්ටර් හින්දා //
අයි ලව් යූ

ඔයාගෙ ඔයාගෙ රූපේ
ඔයාගෙ හැඩ හින්දා
අයි ලව් යූ

ඔයා කියවන්නෙ
මාර පොත් හින්දා
අයි ලව් යූ

ඔය රූපේ හැඩ
මැනේජර් ඩිරෙක්ටර්
ඉඩම් කඩම් ගෙවල් දොරවල්
මනී මනී මනී
කෙහෙල් කඳවල්
එක්ක ලව්

මං අම්මට පුතා වුණේ
මං තාත්තට පුතා වුණේ //
මට අම්ම වුණේ
මට තාත්ත වුණේ
මචං
මිත්‍රයාට මිත්‍රයා වුණේ
මිත්‍රයාට මිත්‍රයා වුණේ

ඔය රූපේ හැඩ
මැනේජර් ඩිරෙක්ටර්
ඉඩම් කඩම් ගෙවල් දොරවල්
මනී මනී මනී
කෙහෙල් කඳවල්
එක්ක ලව්
එක්ක ලව්


ගායනය, ගී පද - සංජීව සෙනෙවිරත්න
සංගීතය - රුවන් ඉලුක්තැන්න



වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

මගේ හිත කරදරයි - රෝහණ වීරසිංහ ‍| Mage hitha kradarai - Rohana Weerasinghe - sinhala lyrics

මගේ හිත කරදරයි
ලිපේ ගිණි අවුළුවා
හැමදාම අළුයමේ
උඹ අතින් දවන්නේ
පඩි දා ට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම
ගෙදර බත උයන්නේ

යට ගිලුණු ඇස් දෙකේ
සෙනේහය දොවන්නේ
ලේ නහර නිව නිවා
මගේ ඇඟේ බුරන්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ

නුඹෙ ළයට තුරුළු වී
මගේ පැටව් සුව නින්දේ
මුදියමේ කොහොම මං
නුඹේ නිදි දැහැන බිඳින්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ

මගේ හිත කරදරයි
ලිපේ ගිණි අවුළුවා
හැමදාම අළුයමේ
උඹ අතින් දවන්නේ
පඩි දා ට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම
ගෙදර බත උයන්නේ


ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

මල්සර හීසරින් - ශෂිකා නිසංසලා | Mal Sara Heesarin - Shashika Nisansala - sinhala lyrics



මල්සර හී සරින් - ඇස් පිල්ලම් යටින්..
රිංගා කාටත් හොරෙන්..
කවුරුත් නැති සිත් මලින්..
ඉල්ලනේ මා ඔබෙන්.
දෙනවාද මාහට - දෙනවාද මට ආදරේ..

මල්සරාගේ දුන්න වැරදී
මටම වැදුනාදෝ..
පාලු නගරේ ඉන්න ආසයි
ඉඩක් දෙනවාදෝ..
දිගන්තයකින් අනන්තෙට යන
පාර මැද ඉන්නම් ඔබට ලංවී...

හදේ දොරටුව ලඟට ඇවිදින්
සිතද ඉල්ලන්නේ..
මගේ නගරේ තවත් කෙනෙකුට
ඉඩක් නෑ දෙන්නේ..
වසර ගණනක් පෙරුම් පුරලා
ලැබූ මන්දීරේ මටම හිමිවූ..

මල්සර හීසරින්...

ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : ශාන්ත දේශබන්දු
සංගීතය : දිහාන් කුලරත්න, ජීවන්ත හේවාබන්දු



වීඩියෝව ගත්තෙ මෙතනින් - ananmananlk


කවදා පායත්ද අප දිනිසුරාණෝ - නන්දා මාලිනී | Kawada Payathda - Nanda Malini - sinhala lyrics



කුණ්කුණාවේ හාමුදුරුවන් සිරගතව ඉදිත්දී ලියූ කවියක් ඇසුරිනි..

කවිය -
අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ..
අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ..
රජෙක් ලැබුනෝතින්...කැවුම් කිරිබත් කඤ්ඤං..
පෙරහර කරඤ්ඤං... සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං..

ගීතය -
කවදා පායත්ද අප දිනිසුරාණෝ...
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

කවදා පායත්ද අප පුන් සඳාණෝ...
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
මුසා බසින් අප නොපෙළන රජාණෝ...

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
ගිමනට හෙවණ දෙන තුඟුනුග තුරාණෝ...
අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ...//

ගායනය : නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක.



වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Mudunkotuwa

 
Related Posts Plugin for WordPress, Blogger...