සප්ත ස්වරයයි - ඉන්දික රුවන් (රූනි) | Saptha Swarayai - Indika Ruwan (Roony) - sinhala lyrics



නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩින දෙව්ලියේ...
රත තඹර මල් සුවඳ විහිදා
බිඟුන් මමනා ඈ වටා..
ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙනවිට
දැනෙන - දැනෙන හැඟුමන්...
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ලමැදෙ මම
සිහින - සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි - සුවඳ හමනා...
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා...

හිත පුරා විසිරි මුතුලතා..
ඉහිරුනා රුවැති හද පතා..
හීන මුසු වුනු පාට තැවරුනු
දෑස අභියස නැවතිලා..
ඇගෙ නිකිනි සිනහ මල් - කිනිති සැලෙන විට
දැනෙන - දැනෙන හැඟුමන්...
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ලමැදේ මම
සිහින - සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි - සුවඳ හමනා..
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා..

මෙපුර සුරඹ නද විදිමි විදිමි ඇගෙ
මුව මතින් වයන රිද්මයේ..
නීල අඹරේ තුහින මල් වැල්
තෙමෙනවා මා ආදරෙන්..
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙනවිට
දැනෙන - දැනෙන හැඟුමන්...
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ලමැදෙ මම
සිහින - සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි - සුවඳ හමනා..
සප්ත ස්වරයයි ඒ..සුවඳ හමනා..

ගායනය : ඉන්දික රුවන් - රූනි (Roony)
පද රචනය : හසිත විතානගේ
සංගීතය : නයන කරුණානායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Aryans Films


නුවරඑළියෙ සිසිල් බවයි - දමිත් අසංක | Nuwara Eliye Sisil Bawai - Damith Asanka - sinhala lyrics


නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල..
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල..
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල..
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල..

ගාලු කොටුවේ බැම්ම වගේ - රැකවරනය දුන්නා..
උණවටුනේ වෙරළ වගේ - සුන්දර බව මැව්වා..
හුම්මානේ වතුර වගේ - දුන් සෙනෙහස ගත්තා..
කතරගමේ දෙවිදුන් හට - මගෙ දුක මම කිව්වා..

නුවරඑළියෙ සිසිල් බවයි...

මහවැලි ගඟ බෙදුවා වගේ - ඔබ මා වෙන්කෙරුවා..
දුන්හිඳ දිය ඇල්ල වගේ - මගෙ සිත ඇද වැටුනා..
හුන්නස්ගිරි කන්ද වගේ - හුදකලාවේ උන්නා..
ඉසුරුමුණියේ පෙම් යුවලට - මගෙ දුක මම කිව්වා..

නුවරඑළියෙ සිසිල් බවයි...

ගායනය : දමිත් අසංක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Sayuri Sathsarani


සැනසුම් සුසුමන් - ටී.එම්.ජයරත්න | Sanasum Susuman - T.M.Jayarathne - sinhala lyrics

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා...//
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා..//

රෑ සඳ පානේ - සීතල පවනේ..
නාමල් අරණේ - ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි...
ගෙවූ අතීතය මතකද මිහිරි...

සැනසුම් සුසුමන්...

දෑසට පෙනෙනා - එකම රුවක් වෙයි
ඒ රුව මා නෙතු අංජනයයි...
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා..
ඈ එනතුරු මා තනිවීලා..

සැනසුම් සුසුමන්...

ගායනය : ටී. එම්. ජයරත්න
පද රචනය : රංජිත් වීරසිංහ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


වීඩියෝව ගත්තෙ මෙතනින් - Mara Videos 2

පෙරුම් පුරාගෙන - සේනානායක වෙරලියද්ද | Perum Puragena - Senanayaka Weraliyadda - sinhala lyrics


පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
පැතුම ද සුනු විසුනුව වැටුනේ..
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ...

මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතයේ සුව අපමන වේ...//
දොලක් වගේ දිය දෝත වගේ
ජිවතයේ අම සිසල දැනේ...

පෙරුම් පුරාගෙන....

වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ...//
දිවිය මොන තරම් සුන්දර දෝ
දුකම කොයි තරම් සතුටක් දෝ...

පෙරුම් පුරාගෙන...

ගායනය - සේනානායක වෙරලියද්ද
පද රචනය - පූජ්‍ය මහකණුමුල්ලේ වජිර හිමි
සංගීතය - සේනානායක වෙරලියද්ද


වීඩියෝව ගත්තෙ මෙතනින් - TV Derana 

සොඳුරු අතීතයේ - ටී.එම්.ජයරත්න | Soduru Athithaye - T.M.Jayarathne - sinhala lyrics


සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති...//

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇති..
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති..

සොඳුරු අතීතයේ...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති...
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති...

සොඳුරු අතීතයේ...

ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : මාලනී ජයරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Derana Videos

මේ කඳුළු තොටුපලයි - චන්දන ලියනආරච්චි, සුභානි හර්ෂණී | Me Kadulu Thotupalai - Chandana Liyanaarachchi, Subhani Harshani - sinhala lyrics


මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි..//

මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු..
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු..
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු..
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු..

මේ කඳුළු තොටුපලයි....

අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු..
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු..
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ..
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු...

මේ කඳුළු තොටුපලයි....

ගායනය : චන්දන ලියනආරච්චි, සුභානි හර්ෂණී


වීඩියෝව ගත්තෙ මෙතනින් - Miranja Sameera


සුළඟ නුඹ වගෙයි - කරුණාරත්න දිවුල්ගනේ | Sulaga Nuba Wagei - Karunarathne Diulgane - sinhala lyrics



සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි..
වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි...

සිත තනිකලෙත් නුඹයි..
පසු පසම එලව එලවා විත් 
සැනසුවෙත් නුඹයි..
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි..

සුළඟ නුඹ වගෙයි...

සිත හැදිනුවෙත් නුඹයි..
මගෙ සිතේ සියුම් තැන් සොය සොයා
රිදෙව්වෙත් නුඹයි..
ඒත් නුඹෙන් සිත නොබිදේ
පුදුමයක් තමයි..

සුළඟ නුඹ වගෙයි...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලනී පෙරේරා
සංගීතය : ගුණදාස කපුගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Thanuja Dhananjaya


සරු පස දිලේ (සාගතයට මුලයි දහදිය) - වික්ටර් රත්නායකය | Saru Pasa Dile (Sagathayata Mulai) - Victor Rathnayake - sinhala lyrics


සරු පස දිලේ පූදින ගොයමක් සේම..
මසුරන් දෙරණ ආකාසේ තරු සේම..
අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම..
නොඉඳින් මලේ අත පොරවා හැමදාම..

අහස තනිවේද විදුලිය කෙටුවාම..
පොළොව බය වේද මම බිම බැලුවාම..
මුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම...
කුසේ ගිනි යාද අලසව හැඬුවාම..

වැවකට මුලයි දාසෙන්ලා බිහි වීම..
දුකකට මුලයි බුධදස්ලා නොලැබීම..
සාගතයට මුලයි දහදිය නොසැලීම..
පැරකුම්බා දවස සිහලුන් නැති වීම..///

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය :  ආචාර්ය වික්ටර් රත්නායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi

Related Posts Plugin for WordPress, Blogger...