තනිවෙන්න ඉඩදෙන්න - අජිත් ආරියරත්න | Thaniwenna Idadenna - Ajith Ariyarathne - sinhala lyrics


තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි..
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි..//

යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැඟවිනි මතකය අද රහසේ..
පෙම්කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙම් කල දවසේ..

තනිවෙන්න ඉඩදෙන්න..

නැගුනු අතීතේ නටබුන් අතරේ
මා තනිවූදා දිවිකතරේ..
වසන්තයේ තුංමන්සල අභියස
ඔබ ඇත ඔහූ සුළැඟිලි අතරේ..

තනිවෙන්න ඉඩදෙන්න..

ගායනය - අජිත් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගී පද - ජයන්ත රෝහණ




වීඩියෝව ගත්තෙ මෙතනින් - lal san

Comments

  1. මේක අපේ අම්මගේ මහ ගෙවල් කිට්ටුව සිදු වුන සිදුවීමක් මුල් කරගෙන ලියවුනු ගීයක්.

    ගෑනු ළමයා කැම්පස් ගිහින් වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා අජිත් ආරියරත්න ඒ දුකට කියපු සින්දුවක් මේ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...