සිහින සතක් දුටුවෙමි මම - වික්ටර් රත්නායක | Sihina Sathak Dutuwemi - Victor Rathnayake - sinhala lyrics


සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...
සිඟන්නියක සේ...//

ඔබ මගේ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්..
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා..

කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත..
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි..

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්..
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ..
පිහිට වනු මැනේ..

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Siththampawura ~~ සිත්තම් පවුර


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...