නෑ තවත් හිතක් - ආත්මා ලියනගේ | Ne Thawath Hithak - Athma Liyanage - sinhala lyrics


නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ
හිත ඇහුවේ - ඔබ ගැනමයි
තාමත් මං විදවයි
පැතුවේම ඔබෙ සතුටයි

මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හද ඔබේ අඳුරේ ගිලුනයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ

මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ

නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ
හිත ඇහුවේ - ඔබ ගැනමයි
තාමත් මං විදවයි
පැතුවේම ඔබෙ සතුටයි

ගායනය - ආත්මා ලියනගේ
පද රචනය - සත්සර කසුන් පතිරන
සංගීතය - සංඛ දිනෙත්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music 


Comments

  1. මං ආස සිංදුවලින් එකක්... ලස්සනයි..

    ReplyDelete
  2. නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ...(Not aawe..its aaye)
    යා කරන් සිතින් දුකම දැන් මාගේ..
    නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ..

    ReplyDelete
    Replies
    1. මරු! ඔන්න වෙනස් කලා!

      Delete
  3. මා අාසම සින්දුවක් සුපිරිම ගීතයකි

    ReplyDelete
  4. මා අාසම සින්දුවක් සුපිරිම ගීතයකි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...