චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ - සුනිල් එදිරිසිංහ | Chandra Mandale Sathapuna - Sunil Edirisinghe - sinhala lyrics


චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ..
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ..
පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ..
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ..

ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ..
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ..
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ..
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ..

චන්ද්‍ර මණ්ඩලේ...

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ..
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ..
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ..
පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ..

චන්ද්‍ර මණ්ඩලේ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය ‍: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara


Comments

  1. මගේ ප්‍රියතම ගීයක්

    ස්තූතියි

    ReplyDelete
  2. මම මුකුත් කියන්නේ නෑ මයි හිත රිදෙන කතන්දර බෝමයි

    ReplyDelete
  3. සින්දුවල විචාර තියන බ්ලොග් එකක් දන්නවනම් සඳහන් කරන්න කවුරුහරි

    ReplyDelete
  4. සින්දුවල විචාර තියන බ්ලොග් එකක් දන්නවනම් සඳහන් කරන්න කවුරුහරි

    ReplyDelete
  5. This is a good song and this is my favoyrite song

    ReplyDelete
  6. මගෙත් ප්‍රියතම ගීතයක් මෙන්ම ලස්සනයි තව තවත් මේ වගේ සිංදු ලියන්න ලැබේවා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...