යන තැනක - මිහිඳු ආරියරත්න | Yana Thenaka - Mihidu Ariyarathne - sinhala lyrics


යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා..
මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා..
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්..

නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...

ලඟින් ඔබ තියන් - මගේ පණ කියන්
එකට හිටිය දිනයේ...
මගෙන් තොර ලොවක් - ඔබට ඇති බවක්
නැහැනේ හිතට දැනුනේ...
යළිත් ඔබව හිමිනැති නම්..
මගේ සෙනෙහේ අඩුනම්..

නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...

කියන් මගේ හිතින් - තවත් කෙනෙකුගෙන්
පෙමක් පතා රහසේ..
අලුත් සෙනෙහසින් - දුකක් ලැබුනොතින්
මවෙත එන්න පෙරසේ...
පෙරුම් පිරුවේ ඔබ හා මං..
කූඩු වෙන්න හැමකල්..

නැවත ඔබ හා - සසරේ මතුදා
එක්වෙන්න දින ගණිනා..
මගෙ හිත සොයා - දවසක ඔයා
යලි එන්න නෑ තරහා...

යන තැනක ඉන්න...

ගායනය : මිහිඳු ආරියරත්න
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රාජ් තිලයියම්පලම්



වීඩියෝව ගත්තෙ මෙතනින් - RajVEVO


Comments

  1. මෑතක අහපු සුපිරිම සින්දුවක්..

    නිකමට වගේ හිතෙනවා මෙලඩි ය කොහෙහරි රටක කොපියක්ද කියලා..

    එත් එහෙම වුනත් නැතත් මහන්සි නැතුව අහන්න පුළුවන් අමුතුම තාලෙක සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. අනිවා..වොයිස් එකත් අළුත් මෙලඩිය හිතට වදිනවා..
      රාජ් තිලයියම්පලම් ගේ සිංදු ගොඩක් ඉන්දියන් ෆිල්ම් ආරට යනවා කියල හිතෙනවා ඒකයි අපිට මෙලඩිය හිතවත් වගේ දැනෙන්නේ..

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...