ආයෙත් වරක් - සඳුන් පෙරේරා | Ayeth Warak - Sandun Perera - sinhala lyrics


තිබුනානම් හුඟක්
ලොකු මිල මුදල් මගෙ අතේ..
ඔබ නෑ මේ වගේ
අද වෙන් වන්නේ..
කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ..
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ..
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා..//

ජීවිතේ පරදුවට මා තියා..
පෙම් කලේ ඔබ වටිනවා සිතා..
තේරුනේ මම රැවටුනා කියා..
කාලයත් නොදැනීම ගතවෙලා..

කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ..
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ..
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා..//

මේ භවේ යළි සිහිවෙලා එදා..
තේරුනොත් මම ඉස්තරම් කියා..
මන්දිරේ දොරඟුළු කඩා දමා..
අයෙමත් ඔබ එන්න මා සොයා..

කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ..
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ..
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා..//

ගායනය : සඳුන් පෙරේරා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : චන්දන වල්පොල



වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music

Comments