පුංචි දවස්වල නින්දට යද්දී - සුජාතා අත්තනායක | Punchi Dawas Wala - Sujatha Aththanayake - sinhala lyrics


පුංචි දවස් වල නින්දට යද්දී
පීතු පාදන් නමාමහන් කියලා..
වැන්ද දෙපා යලි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි..

මල් බෝනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි අද තනිවෙනවා..//
පියානෙනි ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා..

පියානෙනි ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ..
එපා අඬන්නට එපා අඬන්නට
පුංචි මුණුබුරෙක් කැන්දන් එන්නම්
මා හෙට දවසේ...

පුංචි දවස් වල නින්දට යද්දී...

ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - DVHetti

Comments

  1. ලස්සන සින්දුවක්.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි..මම මෙක ඉල්ලුවෙ...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...