කුඹුක් ගහේ මල් පිපිලා - සුනිල් එදිරිසිංහ | Kubuk Gahe Mal Pipila - Sunil Edirisinghe - sinhala lyrics


කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ..//

වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ..
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ..
ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ..
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ..//

කුඹුක් ගහේ මල් පිපිලා...

උණ පඳුරේ සිලි සිලි‍යෙන් මුමුණන සීපදේ..
මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ..
හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ..
නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ..//

කුඹුක් ගහේ මල් පිපිලා...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : අබ්දුල් කේ. සාදික්
සංගීතය : දර්ශන රුවන් දිසානායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - 2-Rajitha jayamini Withanachchi

Comments