බැද්ද පුරා සුදු රෙද්ද - අමිතා වැදිසිංහ, පියසිරි විජේරත්න | Baddha Pura Sudu Redda - Amitha Wadisinghe, Piyasiri Wijeyrathne - sinhala lyrics


බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා..//
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද..//
නැද්ද කනෙයියනි රොන් හැදිලා..
බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද..//

පාර වටේ ඇති සේරම ගස්
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා..
ගෙඩි හට ගැනිලා..
පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මී පැණි පිරිලා..
බැද්දට පැණි වරුසාවක් වැහැලද
ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලද..//

රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්..
සීනු හඬින් රස ගී ගයලා..රස ගී ගයලා
තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකේ නටලා..
බැද්දට ගී වරුසාවක් වැහැලද..
ගී පොද මේ හොට අස්සට පෙරිලද..//

ගායනය : අමිතා වැදිසිංහ සමඟින් පියසිරි විජේරත්න
පද රචනය : හෙන්රි තෙන්නකෝන්
සංගීතය : පියසිරි විජේරත්න


වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. අපි පාසල් සිසුන් හැටියට මේ ගීතය දහස් වාරයක් අහලා ඇති. ඒ කාලයේදීත් හරිම ජනප්‍රියයි. ඉතා ඉහල මට්ටමේ ගීත නිර්මාණයක්. අපේ සංස්කෘතිය, ස්වභාවධර්මය සමග බැඳී තිබෙන හැටිත්, මේ ගීතයෙන් නිරූපණය වෙනවා.

    ReplyDelete
  2. මේවා අැහුනම මැවෙන චිත්‍රය දැන් කාලයේ සිංදු වලින් නම් බලාපොරොත්තු වෙන්න බැහැ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...