අව්වේ මුතු ඇට වපුරා - ක්‍රීශාන්ත එරන්දක | Awwe Muthu Ata Wapura - Krishantha Erandaka - sinhala lyrics


අව්වේ මුතු ඇට වපුරා..
ඒ මුතු පනමට හරවා..
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ..
ඉඳ හිනැහෙන්නේ..අපෙ අප්පච්චී..
නුඹ කුසගින්නේ..අපෙ අප්පච්චී..

අපා දෙපා සිව්පාවුන්..
ගෙන එන වින වලකන්නට..
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී..
මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී...

අව්වේ මුතු ඇට වපුරා...

ජීවිතයේ බඹර හෙලේ..
පැණි හොයලා රූටන්නේ..
හිත හයියට කල වැල්පොට වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරණ අපෙ අප්පච්චී..

අව්වේ මුතු ඇට වපුරා...

ගායනය - ක්‍රීශාන්ත එරන්දක
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - ගයාමන් දිසානායක



වීඩියෝව ගත්තෙ මෙතනින් -Dinura Pradeep Balasooriya


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...