අමතලා ආයේ අමතලා - උදය ශ්‍රී වික්‍රමසිංහ | Amathala Aye Amathala - Udaya Sri Wickramasinghe - sinhala lyrics


ඇයි මේ ආයේ අමතලා..
දෙන්නේ හේතු කාරණා..
ජීවිතේ මාගේ අවුලුවා..
කෙලෙසදෝ ඉන්නෙ හිනැහිලා..

ඇයි මා තනිකලේ...නැතිවදෝ ළය උණුවුනේ..
අමතලා - ආයේ අමතලා..පාරනා වේදනා..

අමතක කරගන්නට බෑ මතකය
අපමණ වෙර දැරුවා..
ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම
යලි ඔබ සිහිවෙනවා..

වෙන් වූ දින එසේ..
තිබුනේ නෑ රැය මගේ..
අමතලා - ආයේ අමතලා..
පාරනා වේදනා..

මැලවුනු හිතලඟ හදවත රිද්මේ
තවදුරටත් තිබුණා..
සෙනෙහස ගැඹුරේ ඔබ නැති පතුලේ
අඳුරට හුරු වූවා..

පෙරදිනේ හුරු ලෙසේ..
ආවේ ඇයි සවනට මගේ..
අමතලා - ආයේ අමතලා..
පාරනා වේදනා..

ඇයි මේ ආයේ අමතලා...

ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කුෂාන් මනේද්‍ර
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV


දුකේදී හැඬුමට - ටී. එම්. ජයරත්න | Dukedi Hadumata - T.M.Jayarathne - sinhala lyrics

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ හිදන්..
තවත් අම්මා කෙනෙකු ඇත්නම්..
නුඹයි ඒ අම්මා...සොදුරියෙ
නුඹයි ඒ අම්මා...

අහස මෙන් ලත් චෝදනා..
පොළව මෙන් දුක් උහුලනා..//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා..
සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා..

දුකේදී හැඬුමට...

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා..//
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ..

දුකේදී හැඬුමට...

ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : ශිලා ගම්වර
සංගීතය : සරත් දසනායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Naddera Samarasinghe


හමුවීම වෙන්වීම - මංජුල පුෂ්පකුමාර | Hamuweema Wenweema - Manjula Pushpakumara - Sinhala Lyrics


හමුවීම වෙන්වීම ලෝකේ හැටි..
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි..
හැම සතුට කෙළවරම දුකකුත් ඇති..

හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ..

ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී..
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..

අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති..
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා..
සැනසෙන්න මට ඒ ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..

හමුවීම වෙන්වීම...

ගායනය : මංජුල පුෂ්පකුමාර
පද රචනය : කුෂාන් මනේද්‍ර
සංගීතය : විරාජ් පෙරේරා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music

වෙන්වීලා ගියදා පටන් - රුවන් හෙට්ටිආරච්චි | Wen Weela Gyada - Ruwan Hettiarachchi - sinhala lyrics

වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව - විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්..
ඔබට සතුටුයි ද දැන්..

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැදලා දිවිය පවා
සුසුම් යායක් වෙලා..
මුවඟ සිනා පාවී ගියා..
කිසිදා සිතින් - නොසිතූ දුරින්..

වෙන්වීලා ගියදා පටන්...

යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා..
දෙනෙත තෙමා කුදුළු ලියා
සිහිනයක් සේ මෙදා..
මැණික කියා රැකගත් ඔයා..
පියඹා ගිහින් කාටත් හොරෙන්..

වෙන්වීලා ගියදා පටන්...

ගායනය : රුවන් හෙට්ටිආරච්චි
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : චමත් සංගීත්



වීඩියෝව ගත්තෙ මෙතනින් - New sinhala love Songs

හැඟුමන් - සෙන්ටිග්‍රේඩ්ස් | Hanguman - Centigradz - sinhala lyrics


ඇසිපිය නටයි ඔබ දුටුවම
හැඩකාරියේ..
සිත උමතුවෙයි ඔබ රුව නිසා
දඟකාරියේ..

මුහුණෙ පෙම් පාට
සිරුරෙ පින් පාට
දුටු මගේ සිල් බිදෙයි..
සිතැඟි කිති කවන ඔබෙ මුකුළු රැලට
බැදෙමි සත්තයි ලදේ..

සුපෙම් සෘංගාරියේ..
ඔබේ ඔය දෑසින් විහිදෙනා..
හැඟුම් රැඟුමන් පිරී..
පිටාරේ යයි මගේ ආදරේ..
සුපෙම් සෘංගාරියේ..

ලෙලදෙනා නිතඹේ හැටී අයැදින්නද සමා ඔබෙන්..
නැලවෙනා ගමනේ හැටි නරඹන්න ද කළා නෙතින්..
රුවැති යුවතියෙගි කොපුල සිපගන්න පමණක් තිබේ..
සිහින දෙව්දුවගේ සුරත අරගන්න අවසර තිබේ..

සුපෙම් සෘංගාරියේ..
ඔබේ ඔය දෑසින් විහිදෙනා..
හැඟුම් රැඟුමන් පිරී..
පිටාරේ යයි මගේ ආදරේ..
සුපෙම් සෘංගාරියේ..

ගායනය : සෙන්ටිග්‍රේඩ්ස් (Centigradz)
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
සංගීතය : තුසිත් නිරෝෂන්


වීඩියෝව ගත්තෙ මෙතනින් - MEntertainmentsPL

අම්මා සඳකි - ටී.එම්.ජයරත්න | Amma Sandaki - T.M.Jayarathne - sinhala lyrics

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී...
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි..
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..
පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී..

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..

මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ..
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..

ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : මාලනී ජයරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Hemantha

ගෙම්බො - සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ | Gembo - Sangeeth Wijesooriya With WAYO


දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
කනබොන ඉදුම් හිටුම් අති දුප්පත් ගෙම්බො රැලයි..
ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි..
උන් නිල් පාටයි - සමහරු කොල පාටයි
මොන පාටින් හිටියත් අනුන්ව සූරන් කයි..

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
වැස්සටවත් පාසලක් දැක්කෙ නැති මැටි ගෙම්බොයි..
නිල්පාටින් දුටු ගෙම්බන් හෙට වෙනකොට කොල පාටයි..
මූන ලොකුයි - අලි බඩගෙඩියයි..
කිසි වැඩකට නැති මුන් බොරුවෙන් ජීවත් වෙයි..
දිය වන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
බලයෙන් මත්වී නීතිය අතගත් ඉස්ගෙඩියොයි..
පොලිටික් ගෙම්බන්ගේ පස්සෙන් යන කලා ලොවේ ගෙම්බොයි
උන් සිංදු හදයි පැන පැන කඩේම යයි..
මොන දේවල් කෙරුවත් අකුසල් පස්සෙන් එයි..

සූරන් කන උන් ඌරන් වන බව දහමේ ලියැවී යයි..
ලෙඩ දුක් හැදිලා පිස්සන් වීලා කලකම් පව් පලදෙයි..
ඇස් පනාපිටම දිට්ඨ දම්ම වේදනීය කරුමය වෙයි..

දියවන්නාවේ හොද වැඩ කරනා ගෙම්බො ටිකයි..
උන් හැමදාමත් ‍වෙහෙසෙන්නේ අනුන්ගේ දුක ගැනමයි..
දකින්නෙ කියන්නෙ කරන්නෙ ඇත්තම ඇත්ත තමයි..
උන් පින් පාටයි - කරන්නෙ හොද වැඩමයි..
ආයෙත් ඉපදෙන්නේ උන් දිව්‍ය ලෝකයේමයි...

ගායනය : වායෝ (Wayo)
පද රචනය : සංගීත් විජේසූරිය
සංගීතය : වායෝ (Wayo)



වීඩියෝව ගත්තෙ මෙතනින් - Wayo.lk

අවසාන ප්‍රේමයේ - ඕෂානි සන්දීපා | Awasana Premayai Mage - Female Version (Awasana Premaye Kandule) - Oshani Sandeepa - sinhala lyrics


අවසාන ප්‍රේමයේ කඳුලේ..
උණුහුමට මේ දෙනෙත් තෙමුනේ..
වරද මාගේ අතේ තිබුනේ..
හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා..

මට සමාවෙනවාදෝ..
ආයෙමත් එන්නකෝ ඔයා..
මගෙ බොලද ආදරේ වැඩිකමට..
මං ආයේ කලබල වුනා..

මතක සැමරුම් එකතුකරලා..
පපුව ගැඹුරේ නිදන්කෙරුවා..
වැටහුනෙ අදයි ඔබගෙ සෙනෙහේ..
මියැදෙයිද මා කඳුළු අතරේ..

ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්..
තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්..

මට සමාවෙනවාදෝ..
ආයෙමත් එන්නකෝ ඔයා..
මගෙ බොලද ආදරේ වැඩිකමට..
මං ආයේ කලබල වුනා..

කඳුළු ගැරහුම තනිව විදලා..
හිතට නුහුරුයි තනිව ඉදලා..
ඔබම විතරයි ඇත්තෙ මනසේ..
මියැදෙන්න බෑ සිහින අතරේ..

ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්..
තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්..

මට සමාවෙනවාදෝ..
ආයෙමත් එන්නකෝ ඔයා..
මගෙ බොලද ආදරේ වැඩිකමට..
මං ආයේ කලබල වුනා..

අවසාන ප්‍රේමයේ...

ගායනය : ඔෂානි සන්දීපා
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru Gossip

සඳක් වෙන්න බැරි නම් නුඹ හට - ඉමාෂා මුතුකුමාරි | Sandak wenna barinam numba hata - Imasha Muthukumari - Sinhala lyrics

සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ //

සීත සෘතුවකට වෙලා
මියයන්න නම් එපා
ගිම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්මලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී

සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ

මා නොමැති හෙටක් නැතත්
පිපෙන මල් යළිත් පිපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවේ
හමනා ඒ සුළං රැළිත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි

සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ


ගායනය - ඉමාෂා මුතුකුමාරි
සංගීතය - දිලුම් තේජන
ගී පද - මනුරංග විජේසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - ananmananlk

සිරියාවි උඹව මම කෝච්චියෙන් - රොඩ්නි වර්ණකුල | Siriyawi umbawa mama kochchiyen - Rodni Warnakula - sinhala lyrics

සිරියාවි උඹව මම කෝච්චියෙන්
කොළඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක්
ලැබුණ හැටියෙ එනවා
උඹ එව්ව ලියුම මගෙ පෙට්ටගමේ
තවම හිනාවෙනවා
අර කොට්ට උරේ මම ඉඹ ඉඹ තවමත්
සුවසේ නිදියනවා
අර කොට්ට උරේ මම ඉඹ ඉඹ තවමත්
සුවසේ නිදියනවා

හෝ ගාන පොකුණ ගාවට මම උඹෙ අත
අල්ලාගෙන යනවා
සුදු වැල්ල සිඹින කිරි පෙන පිඩු ඇවිදින්
ඔන්න හාදු දෙනවා
රජ ගෙදර ළඟට උඹ එක්ක ගිහින්
හැමදේම කියා දෙනවා
අපි ට්‍රෑම් කාර්වල නැගලා සතොසින්
කොළඹ වටේ යනවා
අපි ට්‍රෑම් කාර්වල නැගලා සතොසින්
කොළඹ වටේ යනවා

එහෙ ගොල්ෆේස් එකෙ උඹ දන්නේ නෑ
අස්ස පැටවු යනවා
ඒව දැකල මගෙ සිරියාවී උඹ
තවත් තුරුල් වෙනවා
සුදු මහත්තැන්ල හිට උඹෙ රුව දැකලා
හොරෙන් හිනා වෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින්
ආඩම්බර වෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින්
ආඩම්බර වෙනවා

සිරියාවි උඹව මම කෝච්චියෙන්
කොළඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක්
ලැබුණ හැටියෙ එනවා
උඹ නාඬ ඉඳින් මගෙ රත්තරනේ
මම එන පෝයට එනවා
මේ කුප්පි ලාම්පුවෙ තෙල් ටික ඉවරයි
දැන් මම නවතිනවා

මේ ආදර පුංචි අප්පු

ගායනය - රොඩ්නි වර්ණකුල
සංගීතය - සිරිල් පෙරේරා
ගී පද - බන්දුල සරත් වඩුතන්ත්‍රී




වීඩියෝව ගත්තෙ මෙතනින් - manel08uk


Related Posts Plugin for WordPress, Blogger...