අදත් වැස්ස වහින සඳේ - ටී.එම්. ජයරත්න | Adath wessa wahina sande - TM Jayarathna - sinhala lyrics

අදත් වැස්ස වහින සඳේ
මතක සුවඳ දැනේ
මතකද තෙමුණා දෙන්නා
සීතල වැහි පොදේ //

කැන්ද කැලේ අප දෙන්නා
අකුරට ගිය කලේ
වැස්ස ඇවිත් වන යායම
සීතල වූ සඳේ
මුවා වෙන්න ගස් තිබුණත්
තෙමුණා වැහි පොදේ
අදත් වැස්ස වසිනා සඳ
මතක සුවඳ දැනේ

අදත් ඉතින් වහින දාට
තෙමෙමින් වැසි පොදේ
මගේ හිතේ මතක සුවඳ
අළුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන
ගිණි දළුවක් එතේ
මේ වැහි දා අපි දෙතැනක
එකම වැස්ස වැටේ

අදත් වැස්ස වහින සඳේ
මතක සුවඳ දැනේ
මතකද තෙමුණා දෙන්නා
සීතල වැහි පොදේ //


ගායනය - ටී.එම්. ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ධර්මසිරි ගමගේ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Nuwan De silva

සොදුරු සීතල යාමේ - සචින් සහ රකිත වේලන්ගොඩ | Soduru Seethala Yame - Sachi & Rakitha - sinhala lyrics


සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ..
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ...
දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ...
සුළගෙ අප දැවටීලා පියනගමු ලගටම වී...

හදගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ..
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුම වී..
ඇස්පියන් මත දැවටී යන්නෙපා ඔබ වෙන්වී..
ඔබෙ සුවඳ මා දිවියේ හුස්මෙසේ ඇත ලංවී..

සොදුරු සීතල යාමේ...

අම්බරේ රන්ගිරසේ මගෙ ලොවේ පෑයූවේ..
මල් සුවද පරදවලා සුවඳ ඔබමයි මාගේ..
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ..
ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇතිතෙක් මාගේ.

දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ...
සුළගෙ අප දැවටීලා පියනගමු ලගටම වී...
සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ..
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ...

නෙතු ඉමේ පායාලා ඉන්න රන් තරුව සේ..
සිත් හැගුම් පුබුදාලා ලංවෙමුද මේ යාමේ..
දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ..
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ..

ගායනය : සචින් සහ රඛිත වේලන්ගොඩ
පද රචනය :
සංගීතය :  එරංග ජයවංශ


වීඩියෝව ගත්තෙ මෙතනින් - MEntertainmentsPL
Related Posts Plugin for WordPress, Blogger...