පෙනුණු සුව දසුන් - හෙන්රි කල්දේරා | Penunu suwa dasun - Henri Kaldera - sinhala lyrics

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා //


ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා



වීඩියෝව ගත්තෙ මෙතනින් - Henry Caldera හෙන්රි කල්දේරා



Sinhala Song

සුපිපෙන මලකින් - අමිතා වැදිසිංහ | Supipena malakin - Amitha Wedisinghe - sinhala lyrics

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //

වැල්ල සිපගෙන ආදරේ
රැල්ල පෙරළේ සාගරේ //
නැද්ද බඹරෝ මා කෙරේ
මුලදි පිදු ඒ ආදරේ //

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා

වනේ මලකට ළංවෙලා
රහස් හෙමිහිට කොඳුරලා //
සීත සුළඟේ සැරි සරා
පාමි පෙම් රැඟුමක් නුරා //

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //


ගායනය - අමිතා වැදිසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

දිනක අපි හමු වුණා - ලලිත් පොන්නප්පෙරුම | Dinaka api hamu wuna - Lalith Ponnapperuma - sinhala lyrics

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා //

ඔබ කී කතා අසා සතුටින් බලා
සිටියේ ඔබේ අත ගෙන එන්නම් කියා
වැටහී තියේ නම් සෙනෙහේ නම්
වෙන් වෙන්නෙ නෑ ඔබ කිසිදා මෙසේ

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා

රන් මසු සොයා ගියේ නුඹ ඇයි ළඳේ
සෙනෙහෙන් දුගී වුණේ නෑ සිත මගේ
වැටහී මගේ පැතුම් මතු දිනෙකදී
කඳුලක් නැගේවී නෙතගින් ඔබේ

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා //


ගායනය - ලලිත් පොන්නප්පෙරුම



වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA)

මේ ගී එදා ඇගේ හඬින් - ඩබ්. ඩී. අමරදේව | Me gee eda age handin - WD Amaradewa - sinhala lyrics

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //
මා ඇසූ රාවයයි

ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමි
එපමණදෝ මට හිමි

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි

ලොව සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //

ගායනය - ඩබ්. ඩී. අමරදේව
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - අජන්තා රණසිංහ
‘ජනක සහ මංජු‘ චිත්‍රපටියෙන්





වීඩියෝව ගත්තෙ මෙතනින් - Buddhi Eranga Gunathilaka

කන්ද පිරිමැද - සේනානායක වේරලියද්ද | Kanda Pirimeda - Senanayaka Weraliyadda - sinhala lyrics

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා //

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින් //
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා


ගායනය - සේනානායක වේරලියද්ද
සංගීතය - සුසිල් අමරසිංහ
ගී පද - සියඹලාගමුවේ අමරදාස




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dillina Herath

බිඳු බිඳු කඳුළු ගලා - ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන්, ප්‍රියා, මිල්ටන් - Bindu bindu kandulu gala - Shyami Fonseka, Greshan, Priya, Milton - sinhala lyrics

බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

උදේ හවා සිනා දෙනා
සිනා වෙනා රඟා එනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
එ අමර අමර නෙත
බමර කුමර සඳ
ස්නේහේ

බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

පරාද වී හඬා නැතේ
හඬා වැටී පලා නැතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
එ බඹර කුමරු වෙත තවම නොපිපි සිත
ආශාවේ

බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා



ගායනය - ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක

සේන සමරසිංහ මහතාගේ ‘මල් කැකුළු‘ චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

සඳෙන් එහා කඳු මුදුන් ඉමේ - මිල්ටන් මල්ලවාරච්චි | Sanden eha kandu mudun ime - Milton Mallawarachchi - sinhala lyrics

සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ

මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාළු සීතේ ලා මීදුමේ
තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ

සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ

දෑතේ වෙලීලා මා හා බැඳී
දෑසේ කතාවේ යාවී රැඳී
තනිකම නිවා දිවියේ පාළු යාමේ
පසුදා උදේ ඈ වෙන් වී ගියේ

සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කුලරත්න ආරියවංශ




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMP3

අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ - ලලිත් පොන්නප්පෙරුම | Awasan sandewai dedena hamu woo - Lalith Ponnapperuma - sinhala lyrics

අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

ඔබගේ සුන්දර සමනළ ලෝකය
බිඳලන්නට බැහැ කුරිරු වෙමින්
කඳුළු දරාගෙන වෙන් වී යන්නට
සමුදෙනු මැනවි සුහද සිතින්

අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

ඉඳ හිට මග තොට හමුවන මොහොතක
ඉවත බලාගෙන යන්න එපා
මේ සංසාරෙදි මා නොපැතූවත්
එය හඟවා රිදවන්න එපා

අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

මින් මතු නෑ අප හමු වන්නේ
වෙන් වී යන්නට සැරසෙන්නේ
මින් මතු නෑ අප හමු වන්නේ


ගායනය - ලලිත් පොන්නප්පෙරුම



වීඩියෝව ගත්තෙ මෙතනින් - lakmal

ඔබ ආදරේ මා කෙරේ නම් - රෝයි පීරිස් | Oba adare ma kere nam - Roy Peiris - sinhala lyrics

ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා

වෙනදාට මේ වාගේ හඳ පෑයු රෑ යාමේ
ඔබ මාගෙ සුරතේ වෙලී
සුදු පාට දිය රැල්ල නැග එද්දි හසරැල්ල
පාලා මගේ ගත වෙලී
හැමදාම මට කීව ඒ පෙම් කතාවන්
ගොළු වී ගියා සේ දැනේ
මහදේ සුසුම් යා වුණී

ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා

සිතුවාද වෙන් වෙන්න වෙනතක් අරන් යන්න
කම් නෑ ඔබේ සතුට නම්
මනමාලියක් වීල යන දාට හිනැහීල
සොයුරෙක් ලෙසින් මා සිතන්
දැකගන්න ඉඩදෙන්න මාගේ නෙතින්
ඔය මූණ සැරයක් ඉතින්
සුපතන්න හෝ මා සිතින්

ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා


ගායනය - රෝයි පීරිස්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

රණඹර ඉඳු දුනු - මිල්ටන් මල්ලවාරච්චි | Ranambara indu dunu - Milton Mallawarachchi - sinhala lyrics

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා

ඇගෙ ළැම රන් ගිරි දෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka

එල්ලුන් ගහ - ඩැඩී | Ellung Gaha - Daddy - sinhala lyrics



ගණන් කාර කෙල්ලෝ එක්ක
එකට උන්නු කාලෙ ඉවර‍යි...
සතේ නැතුව බොක්ක දුන්න
කොල්ලො එක්ක අපි සාමෙ තම‍යි..
ලොරි කතා ඇද බබා...ඉන්න එවුන් කඩ‍යක් තමා..
කටු කකා ගුටි කකා...ඉන්න කොල්ලො සුපිරිම හින්දා...

එල්ලුම් ගහ ‍යට සෙල්ලම් අපි කෙරුව‍යි...
අපිට නඩුත් විසි හ‍ය‍යි...
පරක්කු නෑ අපි තාමත් නළුවො තම‍යි...
Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුව‍යි..
දුකක් නැතුව නොවෙම‍යි..
හිත හදාගන්න වෙලාව මේක තම‍යි..

වංගු දාන අපිත් එක්ක
චන්ඩි කෙල්ලො හිටි‍යා මතක‍යි..
කකුල් දෙකට අඩි‍ය ඇලුන
සෙරෙප්පු දෙක තාමත් මතක‍යි..
Sorry වෙලා worry වෙලා...ඉන්න අපිට දැන් ටොපි එපා..
කොර වෙලා බොර වෙලා...දාපු disco ඉවරද මන්දා..

එල්ලුම් ගහ ‍යට සෙල්ලම් අපි කෙරුව‍යි...
අපිට නඩුත් විසි හ‍ය‍යි...
පරක්කු නෑ අපි තාමත් නළුවො තම‍යි...
Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුව‍යි..
දුකක් නැතුව නොවෙම‍යි..
හිත හදාගන්න වෙලාව මේක තම‍යි..

ගායනය : ඩැඩී (Daddy)
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : විරේෂ් කුරේ (Daddy)



වීඩියෝව ගත්තෙ මෙතනින් - daddyonthetube


පතනා දේ සුන් වේ නම් - එච්.ආර්. ජෝතිපාල | Pathana de sun we nam - HR Jothipala - sinhala lyrics

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන් //

සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක්‌ වන්නේ
කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක්‌ කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්


ගායනය - එච්.ආර්. ජෝතිපාල




වීඩියෝව ගත්තෙ මෙතනින් - Priyantha De Silva
Related Posts Plugin for WordPress, Blogger...