එකම වීදියේ දෙතුන් වතාවක් - ප්‍රියා සූරියසේන | Ekama weediye dethun wathawak - Priya Sooriyasena - sinhala lyrics


එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී

සුදු හසඟන සේ හසරැළි ඉහලා
හඳ පායන සේ හද ගිණි නිවලා
ඔබ මා සුරතේ දසඟිලි පටලා
දොඩමළු වීලා මට ඉඟි කරලා

හැන්දෑ යාමේ මා අත හැරලා
යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එළලා
මම යමි මගේ හිත ඔබ ළඟ තියලා

තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා සිත ඔබේ ළඟ නොවෙද තියෙන්නේ
ඔබට හිතෙන දේ හිතට කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්

එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී


ගායනය, සංගීතය - ප්‍රියා සූරියසේන
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




wishwa chinthana

Comments

  1. පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    ස්වර - ප්‍රියා සූරියසේන

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...