මේ සයුරු මානේ - රාජ් වික්‍රමසිංහ | Me sayuru mane - Raj Wickramasinghe - sinhala lyrics


මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලා

සීත සුළඟේ පාව එන්නේ සුවඳයි මතකයේ
හසුනක සැඟවී මා හඬවාලා මුමුණයි හඬ ඔබේ
දින දින ගෙවිලා පැතුමන් ලියලා ඉවසුම් නෑ සිතේ
කවදා කෙලෙසින් ඔබ වෙත එන්නේ වද දෙයි සිත මගේ
ප්‍රාර්ථනාවන් ලියවෙයි දෑසේ කඳුලින් ජීවිතේ

සීත මීදුම් පේන මානේ කිඳුරන් ගී ඇසේ
තාරකා මල් පිපෙන විමානේ ඔබගේ රුව මැවේ
දහසක් බාධා අතරින් මිදිලා සැනසුම් සොය සොයා
සිත සතපවනා නැව්තොට පෙනිලා ආශා පිබිදුනේ
මිනිසෙකු වනු මිස දෙවියෙකු නොව මා වටහා ගනු මැනේ

මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලා


ගායනය - රාජ් වික්‍රමසිංහ
තනුව - අර්නි පීරිස්



වීඩියෝව ගත්තෙ මෙතනින් - prabuddha chamara

Comments

  1. Savul geetha raw naganna, ambiliya nidi karanna
    mamawath sarawasawanna, anna puthey ira payanawa

    I am searching this song for ages. If you can find MP3 or any audio rack or vedio please let me know

    ReplyDelete
    Replies
    1. Tried and failed to find the song. Are those the first lines? Do you remember the singer?

      Delete
  2. I am also looking this song

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...