මේ පාළු සීත රාත්‍රියේ - චන්ද්‍රලේඛා පෙරේරා | Me Palu Seetha Rathriye - Chandraleka Perera - sinhala lyrics


මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..
ප්‍රේමය නම් කිමැයි කියා...//

නිදිමත තරුකැට කඩාවැටේ..
ඉඩදී අඳුරට අහස්තලේ...
සඳ මල මිලිණව බලා හිදී..
දකිනතුරා අඩ නුවන් අපේ..

සඟවා ළය මත - ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..

මේ පාළු සීත රාත්‍රියේ...

ගහකොල නිසලව බලා හිදී..
පවන් රොදක සිහිලසින් මිදී..
පිණිකඳුලැලි කැට කඩා වැටේ..
ඇහෙන තුරා පෙම්වදන් අපේ..

සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...

මේ පාළු සීත රාත්‍රියේ...

ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සමන් කුඹුකගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - TV Derana 

Comments

  1. මේකෙ දෙවෙනි අන්තරා කොටසේ....

    //සුසුමක් සුසුමට ලංකර රහසින්
    කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් කිමැයි කියා...//

    .... කියන්නේ "ප්‍රේමය නම් මෙයැයි කියා" කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...! වෙනස් කලා.. ;)

      Delete
  2. Oke music Rohana Weerasinghe neda ?

    ReplyDelete
  3. දන්නෙ නෑ. ෂුවර් නම් දාන්න පුළුවන් :-)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...