කව්ද ඔබ කව්රුන්දෝ - එච්. ආර්. ජෝතිපාල | Kawda oba kawrundo - HR Jothipala - sinhala lyrics


කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ

මදහාස බැල්මෙන් තී
මා මත් මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන්
නැද්ද නෙත් සලන්නේ

සඳ පායලා ආ ඒ
ඔබදෝ වසන්තේ
සැළලිහිනි ගී පිළිරැව්
හඬදෝ දසන්තේ
එදා සීගිරියේහී
ඇඳුණු රුවක්දෝ
රුවක්දෝ රුවක්දෝ රුවක්දෝ

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ

වලාකුල වගේ පීරූ
හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල්
ගෙල පළඳවන්නම්

මගේ ආදරේ සතුටින්
පිළිගන්නවානම්
උදේ මෙන් දිවා රෑ මං
පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත්
ඔබ කාගේ කව්දෝ
කව්දෝ කව්දෝ කව්දෝ

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ


ගායනය - එච්. ආර්. ජෝතිපාල
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ශාන්ති (1974) චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Amaraneeya JOTHI

Comments