ආශා මල් පීදේ නිල් දෑසේ - රොහාන් ද සිල්වා | Asha mal peede nil dase - Rohan De Silva - sinhala lyrics


ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ //

පින්නේ පිපුණු මල වගේ
කන්දේ නැගුණු සඳ වගේ
නෙත පුරා රුව ඇදී දිලේවී
වෙන්ව නොයිද ළංවෙලා
දෙන්න සහන සනසලා
ඔබ නිසා සිත හඬා වැටේවී
පැතු සිහිනේ ඉටුවේදෝ

ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ

සසර පුරුදු ගති ලෙසේ
බවෙන් බවය අප මෙසේ
මුණ ගැසී වෙන් වෙලා ගියාදෝ
කඳුල ඔබද මගේ නෙතේ
සතුට ඔබද මගේ සිතේ
අහිමිදෝ මට ඔබේ සෙනේහේ
යලි කවදා හමුවේදෝ

ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ


ගායනය - රොහාන් ද සිල්වා
සංගීතය - රූකාන්ත ගුණතිලක
පද රචනය - හෙක්ටර් විජේසිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. මේ ගීතයේ පද හෙක්ටර් විජේසිරි ගෙන්.
    මම මේක හොයාගත්ත වීඩියෝව පත ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
    සින්දුවේ අග හරියේදී රචකයාගේ නම දානවා.
    https://www.youtube.com/watch?v=ZCYEfuBBSRM

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනස් කලා..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...