සුදෝ පොඩ්ඩක් අඬන්න - මොරිස් දහනායක ‍| Sudo poddak andanna - Morris Dahanayaka - sinhala lyrics


සිනහවයි කඳුලයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනා පෑවත් එක තමා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //

ඔයා හෙළු කඳුලැලි අගේ
ගලන විට කම්මුල් දිගේ //
දිමුතු මුතු වාගේ පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න

බොරු කියා ඔබ හැඬෙව්වත්
ලපටි හදවත රිදෙව්වත් //
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න

රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා //
මගේ ආලය තවත් වැඩිවේ
තවත් අඬවමි බොරු කියා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //


ගායනය - මොරිස් දහනායක
තනුව - පැට්‍රික් දෙණිපිටිය
ගී පද - සිරිල් ඒ. සීලවිමල




වීඩියෝව ගත්තෙ මෙතනින් - CodeName_L

Comments

  1. මොරිස්ගෙ සින්දු ඔක්කොම වගේ හොඳයි
    මොරිස්ගෙ පුතා හා මා පාසල් කාලේ මිත්‍රයෝ
    දැනට මොරිස්ගෙ සින්දු තියන සී ඩී එකේ මියුසික් ජරිනැති නිසා 2014 ජනේරුවේ විතර මා ඔහුට කීවා සීඩී එකක් කරන්න කියලා
    එයාගාව ඔරිජිනල්ස් තිබේලු...
    "අන්න ඕලු මලක් නිල්දිය මත පාවෙලා..."
    "තම්බපන්නි ජන්මභූමි ශ්‍රී ලංකා..."
    හොඳ සරල වින්දනයකට සුදුසු ගී..
    ස්තූතියි හරේ ජාලයට එක්කහු කරනවට මෙව්වා...

    ReplyDelete
    Replies
    1. ඉතින් තාම කරලා නෑද තිස්ස අයියේ

      Delete
    2. කොහෙද... ඒ මනුස්සය තාම මොකුත් කරලා නෑ :-(

      Delete
    3. ඔය ඔිලු මලක් එක පොඩ්ඩක් වැදුනම කලිං පරම්පරාවෙ උන්දල තාම කියන එකක්. හොඳ එකක් හම්බවුණේ නෑ තාම...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...