පින්තාරු පෙම්වතිය - හර්ෂ ධනෝෂ් | Pintharu pemwathiya - Harsha Dhanosh - sinhala lyrics


පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ

හිත් බිතුවේ හිස් අවකාශයේ
තෙලිතුඩකින් සිතුවිලි රෝෂයේ
කටු සටහන් කල රෑපාශයේ
සිරවේ මා ආදර ක්ලේෂයේ

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ

සඳ රවටා සුදු පැහැ ගමි සොරා
තරු බිඳ දා නිල් දිය ගෙන පෙරා
ඝණ රන් පෑ ගන්නෙමි හිරැ මරා
ලෝහිත පෑ තවරමි හද ඉරා

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ

ලෝකයම ගෙන අඳිමි
ඇය මනාවා
ඒ නැමදුම් මගහැරැණි
පෙම් හිනාවා

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ


ගායනය - හර්ෂ ධනෝෂ්
සංගීතය - චතුරංගන ද සිල්වා
ගී පද - ගිහාන් රොද්‍රිගෝ




වීඩියෝව ගත්තෙ මෙතනින් - e Tunes

Comments