මේ වගේ ආදරයක් - චිත්‍රාල් සෝමපාල | Me wage adarayak - Chithral Somapala - sinhala lyrics


වසන්නයේ මල් පිපිලා
හදවතේ පතුලින් ආ
සුවඳක් වෙලා විසිරීලා

මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

නිරන්තරේ මා හා ළඟින්
සිව් මංසලේ ගිය මාවතේ
සිටියා ළඟින් දෑතේ වෙලී
සුවඳක් වුණා වෙලිලා පෙමින්

මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
සුන්දර ආදරේ අපි ගයමු
ලොවටම කියමු
ඔබෙ ආදරේ සදහට මාගෙයි
මෙතුවක් භවේ


ගායනය, සංගීතය - චිත්‍රාල් සෝමපාල
ගී පද - ජී.ඒ. චන්ද්‍රාල් ෆොන්සේකා
චන්ද්‍රන් රත්නම් මහතාගේ චිත්‍රපටියකින්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Chandran Rutnam

Comments

  1. Spring flowers owners B heart basement Aroma has been scattered,
    :) <3 the most beautiful song i ever heard. good luck sir

    ReplyDelete
  2. What a beautiful song.
    The greatest Rock/ Pop singer Srilanka ever produced

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...