ඈත එපිට ගම්මානෙන් - සනත් නන්දසිරි | Etha Epita Gammanen - Sanath Nandasiri - sinhala lyrics


ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ..
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ..//

මලානිකව හද එලිය ගලා එන
අම්බලමක හෙවනේ..//
බලාහිදිමි ඔබ හිදින විමන් දොර
දැල්වෙන එලිය බදේ..

ඈත එපිට ගම්මානෙන්...

වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..//
නීල නුවන් තරු කැට බොදවෙනවා
කාටත් හොර රහසේ..

ඈත එපිට ගම්මානෙන්...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...