දුරස් වන්නට සිතන සැමවිට - ඉන්ද්‍රජිත් දොලමුල්ල ‍| Duras wannata sithana hama wita - Indrajith Dolamulla - sinhala lyrics


දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා //

දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක් //

දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //

සිතේ රජ වෙනවා ////

ගායනය, සංගීතය - ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද - දෙල්තොට චන්ද්‍රපාල




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dulanja Kulasingha

Comments