සැන්දෑ අහසේ - දයාරත්න රණතුංග | Sanda Ahase - Dayarathna Ranathunga - sinhala lyrics


සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා..//
සැන්දෑ අහසේ...

ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා..
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මඟ බලා සිටිනවා..

සැන්දෑ අහසේ...

දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා..
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා..

සැන්දෑ අහසේ...

ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග


වීඩියෝව ගත්තෙ මෙතනින් - lakmal


Comments