කජු වාරේ එරබදු යායේ - ලයනල් රන්වල, රන්වල බලකාය | Kaju Ware Erabadu Yaye - Lional Ranwala, Ranwala Balakaya - sinhala lyrics


කජු වාරේ..කජු වාරේ...එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ...
ගමට කියන්නේ...
අවුරුදු ඇවිදිල්ලා...
අවුරුදු ඇවිදිල්ලා...

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔට්ටු දමයි...//
හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බදී..//

කොක්කු දෙදහසක් ඇවිදින්
පුත්තලමේ දොන්..
තවත් දෙදහසක් ඇවිදින්
අතරමගදි දොන්..

සඳුන් කැලේ අපි යනකොට
රිලව් පනිනවා..
එක රිලවෙක් බඩබැදගෙන
පිනුම් ගහනවා..

මේ ඉසව්වේ...රබන් වැයෙන්නා...
මේ පද ඇසී..ගමක් නටන්නා..

කජු වාරේ...

බුබුල් බුලත් මම ගත්තා
තුට්ටු දෙකට මං වික්කා
තුට්ටු දෙකට ගත්තු බුලත්
සල්ලි හතට මං වික්කා

වත්ත කතත් කතත්තා
ඉඩම කතත් කතත්තා
වත්ත කතත් ඉඩම කතත්
දෙකම කතත් කතත්තා..

මේ නොනගතේ ඉරත් නැවතිලා...
මේ සැණකෙලී බලා ඉන්නවා..

කජු වාරේ...

ගායනය : ලයනල් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය
සංගීතය : ලයනල් රන්වල


වීඩියෝව ගත්තෙ මෙතනින් - ravi kumara


Comments

  1. රන්වල බලකාය අවුරුදුත් එක්ක කාර්යබහුල වෙනවා..නැති කාලෙට ඒ අය ඉන්නවද මලාද කියලා මාධ්‍ය වලට මතක නැහැ කියලා යාලුවෙක්කියලා තිබුනා.. ටුයිටර් එකේ..

    ReplyDelete
  2. මුලු රටක්ම ගරුකල යුතු පිදිය යුතු චරිතයක්.....අපේකම වෙනුවෙන් ඔබ කල මෙහෙය අසහායයි....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...