ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පීරිස් | Eya Yanna Giya Makila - Amarasiri Peiris - sinhala lyrics


ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා...
පිණි කඳුලක් මල්පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
සඳ එලියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා...

යලි කවදාවත් හමුනොවෙනා බව..
මද පවණක් හිස අතගා කීවද..
අදහාගන්නට නොහැකිය කිසිදින..
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

ඇය යන්න ගියා මැකිලා...

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : එච් එම් ජයවර්ධන


වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi

Comments

  1. මේ ක අහනකොට ඇය යන්න ගියා මැරිලා වගේ අදහසක් එනවා මට ...

    ReplyDelete
    Replies
    1. යලි කවදාවත් හමුනොවෙනා බව..

      මටත් හිතුන දෙයක්..මේක විරහවක් ද කියන එක..?

      ස්තූතියි අදහසට..

      Delete
    2. ඇය යන්න ගියා මැකිලා
      වන සිරසක තුරු සෙවණැලි අතරේ
      ගී ගයමින් හිඳ මා තුරුලේ
      ඇය යන්න ගියා මැකිලා


      ප්‍රියයන්ගෙන් වෙනවීම දුකක් සත්‍ය එයයි. එය සදහටම වෙන්වීමක් වුවහොත් දැනෙන වේදනාව කියා නිමකළ නොහැකියි... මල්ඵලවලින් බරවුණු සුන්දර වනාන්තරයේ මගේ තුරුළට වි ගී මුමුණපු ඇය යන්න ගිහින්, නිකම්ම නෙමෙයි මැකිලම යන්න ගිහින්... ඇය යළි නොඑන්නම ගිහින්... ඇය මෙලොව හැරදා ගිහින්.......

      පිනි කඳුළක් මල් පෙති අග තවරා
      මීදුම් සළුවෙන් මුහුණ වසා

      "මිහිදුම් සළුවෙන් මුහුණ වසා" ඇය මියදුනු නිසාවෙන් සුදු රෙද්දකින් ඇගේ දේහය වසා දමලා... එනමුත් නෙත් අග ඉතිරිවුණු පුංචි කදුලු බින්දුවක් තවමත් දකින්නට තිබෙනවා.... මෙලොව හැර යනකොට ඇයට කොතරම් දුකක් දැනෙන්නට ඇත්ද?

      නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
      සඳඑළියේ මං පෙත පාදා
      රහසක් සඟවා
      ගොළු වූ හදකින්
      යන්න ගියා මැකිලා
      ඇය යන්න ගියා මැකිලා

      ජිවිතයට පැමිණි බාධක මගහැර, බලාපොරොත්තුව නමැති සඳඑළිය දකින්නට අපි දෙන්නා හීන මැව්වා නේද? නිල්ල නිලන නිල් කඳුවැටි යැයි කවියා පවසන්නේ ජීවිතයට පැමිණි මහා බාධක කන්දරාවයි. ඔබ මේ ලෝකය හැරයනවිට කොතරම් දේවල් ප්‍රමාණයක් මාහට පවසන්නට තියෙන්න ඇත්ද? රහස් කන්දරාවක් සිතෙහි හිරකරගෙන කිසිවක්ම නොකියා ඇය යන්න යනවා. රහසක් සඟවා ගොළු වූ හදකින්
      යන්න ගියා මැකිලා යැයි කවියා පවසනවා..........


      යළි කවදාවත් හමු නොවනා බව
      මඳ පවනක් හිස අතගා කීවද
      අදහා ගන්නට නොහැකිය කිසිදින
      ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

      පාළුවෙන් සිටිනා මොහොතක මඳ පවන ඇවිදින් හිස පිරිමදිමින් කියනවා ඇය කවදාවත් යළි හමුවෙන්නේ නැ කියලා.. ඒක හරියට නෑ හිතමිත්‍රාදීන් හිස අතගාලා හිත හදාගන්න කියනවා වගෙයි. එනමුත් අදහාගත නොහැකියි ඇය යළිත් ගිම්හානයට නොඑතැයි කියා.... ගිම්හාන කාලය කියන්නේ මුළු පරිසරයම මළානික වෙලා යන කාල වකවානුවක් දෙන්නාට දෙන්නා නැතිවම බැරි කාලයක්, ඇයව ජීවිතයට අවශ්‍යම කාලය අදහාගත නොහැකියි ඇය යළි නොඑතැයි කියා......

      ඇය යන්න ගියා මැකිලා
      පිනි කඳුළක් මල් පෙති අග තවරා
      මීදුම් සළුවෙන් මූණ වසා

      Delete
    3. me ke thiyene wena meaning ekak ban.

      Delete
  2. Really it's about Sun or Moon..!!??

    ReplyDelete
    Replies
    1. yp, it's about feelings of a jungle after rained.

      Delete
  3. මගේ ජීවිතයටත් පුදුමාකරයෙන් සමීප වූ ගී පදවැලක්. තුති පුදමි ඔබගේ මේ උත්සාහයට.ජයවේවා!!

    ReplyDelete
  4. It's about rain. The forest sings this song for rain.

    ReplyDelete
  5. ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා


    ප්‍රියයන්ගෙන් වෙනවීම දුකක් සත්‍ය එයයි. එය සදහටම වෙන්වීමක් වුවහොත් දැනෙන වේදනාව කියා නිමකළ නොහැකියි... මල්ඵලවලින් බරවුණු සුන්දර වනාන්තරයේ මගේ තුරුළට වි ගී මුමුණපු ඇය යන්න ගිහින්, නිකම්ම නෙමෙයි මැකිලම යන්න ගිහින්... ඇය යළි නොඑන්නම ගිහින්... ඇය මෙලොව හැරදා ගිහින්.......

    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා

    "මිහිදුම් සළුවෙන් මුහුණ වසා" ඇය මියදුනු නිසාවෙන් සුදු රෙද්දකින් ඇගේ දේහය වසා දමලා... එනමුත් නෙත් අග ඉතිරිවුණු පුංචි කදුලු බින්දුවක් තවමත් දකින්නට තිබෙනවා.... මෙලොව හැර යනකොට ඇයට කොතරම් දුකක් දැනෙන්නට ඇත්ද?

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳඑළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා

    ජිවිතයට පැමිණි බාධක මගහැර, බලාපොරොත්තුව නමැති සඳඑළිය දකින්නට අපි දෙන්නා හීන මැව්වා නේද? නිල්ල නිලන නිල් කඳුවැටි යැයි කවියා පවසන්නේ ජීවිතයට පැමිණි මහා බාධක කන්දරාවයි. ඔබ මේ ලෝකය හැරයනවිට කොතරම් දේවල් ප්‍රමාණයක් මාහට පවසන්නට තියෙන්න ඇත්ද? රහස් කන්දරාවක් සිතෙහි හිරකරගෙන කිසිවක්ම නොකියා ඇය යන්න යනවා. රහසක් සඟවා ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා යැයි කවියා පවසනවා..........


    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

    පාළුවෙන් සිටිනා මොහොතක මඳ පවන ඇවිදින් හිස පිරිමදිමින් කියනවා ඇය කවදාවත් යළි හමුවෙන්නේ නැ කියලා.. ඒක හරියට නෑ හිතමිත්‍රාදීන් හිස අතගාලා හිත හදාගන්න කියනවා වගෙයි. එනමුත් අදහාගත නොහැකියි ඇය යළිත් ගිම්හානයට නොඑතැයි කියා.... ගිම්හාන කාලය කියන්නේ මුළු පරිසරයම මළානික වෙලා යන කාල වකවානුවක් දෙන්නාට දෙන්නා නැතිවම බැරි කාලයක්, ඇයව ජීවිතයට අවශ්‍යම කාලය අදහාගත නොහැකියි ඇය යළි නොඑතැයි කියා......

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මූණ වසා

    ***උපුටාගැනීමකි***

    ReplyDelete
  6. mata godak samipai wage denunawa me song aka ahana kota...

    ReplyDelete
  7. memsinduwen kiynnek wassak wahala iwara unata passe kalekata eka danena hati.wahi wahinne wasantha kalene...,itn "AYA YANA GIYAA MAKILA" kiynne wahi wahala iwarai.!e kiyanne wasantha kale awasan wela gimhana kale enwa.ekai "YALI KAWADAWATH HAMU NOWANA BAWA MADA PAWANAK HISA ATHAGAA KIWWADA ADAHAA GANNATA NOHEKIYA KISIKDINA AYA YALI NOEDAI GIMHANETA PERA" kiyla kynne.Dannawane Hulan hamanne gimhana kale kiyla kauruthma, eka thama e kyl thiyenne. itn meke aya kiyla kynne kuda kiyalathktherenwa athineha aya kiyanne wassata. wassa kanthawakat thama upama karla thiyenne me sinduwe.

    ReplyDelete
  8. සොබා දමට පණ පෙවූ මේ ගීතය ලියැවෙන්නේ සුනිල් සරත් පෙරේරා කවියා ගෙි පන්හිඳෙන්
    මහ වනාන්තරය කට වැටුනු වැස්සක් ගැන වනාන්තරයට නැගෙන සිතිවිල්ලක් ,වැස්සට පෙම් බඳින වනයක විරාගයක් තමයි මේ ගීයෙන් කියැවෙන්නේ
    තුරු හිස් මුදුනේ සිට හෙවනැලි පොලොවට වැටෙන හඬ වනාන්තරයට දැනෙන්නේ හරියට ගීතයක්,ප්‍රේමනීය ගීතයක් වගේ ..වනාන්තරයට වැස්ස ආදරයෙන් තුරුල් වෙලා වගේ වන සිරසේ සිට නිල් තුරු ගොමු අතරේ ගී ගයමින් හිඳ ....වැස්ස යන්න ගිහින්....
    මල් පෙති අග පිණි බින්දු තවරලා...වැස්ස යන්න ගිහින්..

    වැසිදියෙන් පුාණවත්ව කඳුවැටි නිල් පැහැ ගනිද්දී අඳුරු අහසින් සඳ එලියට පතිත වෙන්න මඟපාදා දී
    මෙතෙක් වෙලී උන් ප්‍රේමයේ රහස ලොවෙන් සඟවා වැස්ස නම් වූ ඇය යන්නම ගිහින්...
    වැහි දියෙන් සිසිල වුනු මද සුලඟ තමන්ට අනුකම්පාවෙන් හිස අතගානවා වගේ වනාන්නරයට දැනෙනවා ඒ හිස අතගාන්්නේ වැස්ස හමාර බව කියන්න කියලා වනය හිතනවා,පතිත උනු වැස්ස ආපහු කවදාවත් එන්නේ නෑ...ඒත් වනාන්තරය ට බලාපොරොත්තුවක් තියෙනවා... ප්‍රාර්ථනයක් තියෙනවා ......
    ගිම්හානය ට කලින් ආයිත් වැස්සක් ඒවි....


    ගීතයේ පසුබිම් කතාව මෙහෙම ලියැවෙද්දී..එච් එම් ජයවර්ධනයන් ගේ ස්වර සංකලනයෙන් ගීතය හැඩ වෙනවා,ඒවනවිට මාලනී බුලත්සිංහල නම් සොඳුරු සිතැත්තතිය ප්‍රසංගයක් සඳහා විදෙස් ගත වෙලා ...
    ගීතය අමරසිරි හඬින් පණ ලබද්දී.......... එච් එම් ට නොකියාම
    අදහාගන්න බැරි විදියට
    යන්නම යනවා...
    ජීවිත ගමනින්
    ඈ යලි නොයෙන්නම යනවා....
    ඇයගේ අවසන් කටයුතු වලින් පසු ගීතය නිකුත් වෙනවා රසිකයන් අතරට
    දෛවෝපගත විදියට රසිකයන් ගීතය වැලඳගන්නේ එච් එම් මාලනිය වෙනුවෙන් කල නිරිමාණයක් විදියට...

    අදටත් බොහෝදෙනා මේ ගීතය විඳින්නේ පෙම්වතිය මියගිය පෙම්වතෙකුගේ මනසින්.....

    මාහිදුම් සළුවෙන් මුහුණ වසා යන පෙලින් බොහෝ දෙනා අරුත් දකින්නේ මියගිය පෙම්වතියගේ මුහුණ සුදු සලුවකින් වැසීම සංකේතවත් කිරීමක් විදියට..

    ReplyDelete
  9. I think it is a song a forest sang for a dried river or dried water flaw

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...