මාල ගිරා ගෙල - ටී.එම්. ජයරත්න, ලතා වල්පොල | Mala gira gela - TM Jayarathna, Latha walpola - sinhala lyrics



මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

වතු සුදු මල සේ මා
වත රූසිරු බෝමා
කෝළ කොමළ වරුනේ
සිත බැඳුනා ළඳුනේ

මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

කදිම උවම් යොදලා
කවි සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ළඳුනේ

මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදු
මට දෙනවද ළඳුනේ

මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ


ගායනය - ටී.එම්. ජයරත්න, ලතා වල්පොල
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - අජන්තා රණසිංහ
‘වසන්තයේ දවසක්‘ චිත්‍රපටියෙන්



වීඩියෝව ගත්තෙ මෙතනින් - HumanFrailtz

Comments

  1. හිතට වගේම ගතටත් දැනෙන සින්දුවක්...මම අහල තියෙන විදිහට මේ සින්දුවට හම්බ වෙච්ච සම්මානය ලැබුණෙ TM ජයරත්න මහතාට විතරයි. ඒකට හේතුව උනේ ලතා වල්පොල මහත්මිය මේකෙ එක වචනයක් වත් කියන්නෙ නැති වීම ලු.ඒත් ඒක හරිම කණගාටුදායක තත්වයක්....!

    ReplyDelete
    Replies
    1. එක තමයි. වචන නැති ගැයීම් තියෙනව කියලවත් නොදත් කමිටුවක් වෙන්න ඇති ඉන්න ඇත්තේ.

      Delete
  2. හැමදා රස විඳිය හැකි සදාදරණීය ගීතයක්, තනුවක්,කටහඬක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...